(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම තීන්දුව රජය ශක්තිමත් කිරීමක් නොවන බව කී මෛත්‍රිපාල සිරිසේන මහතා 22 වන සංශෝධනය ජනතාවගේ පැත්තෙන් හොඳ සංශෝධනයක් වන හෙයින් ජනතාවගේ පැත්තේ සිට ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බවද මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි දෙවතාවක් සංශෝධනය වී ඇති අතර එයින් වැඩි හරියක් සංශෝධන සිදු වුයේ ජනතාවගේ ඕනෑ එපාකම් සඳහා නොවන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා  කීය.

එංගලන්ත පාර්ලිමේන්තුව ලිඛිත ව්‍යවස්ථාවක් නොමැතිව අවුරුදු සිය ගණනක් රට පාලනය කරන බවද සිරිසේන මහතා සඳහන් කළේය.