
(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙවැනි අර්බුද මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන බව පැවසූ හිටපු ලේකම්වරයා පක්ෂයේ බලය අල්ලා ගැනීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරින් සභාපතිවරයා හරහා තමා ලේකම් ධුරයෙන් ඉවත් කළ බවද කීය.
ලේකම් ධුරයෙන් ඉවත් යන විට ඊළඟට පහර දෙන්නේ ඔබතුමාට යැයි තමා එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසූ බව සිහිපත් කළ ජයසේකර මහතා මේ වන විට එය සත්‍යයක් වී ඇතැයිද පැවසීය .
දැනට වාරණයට ලක් කර සිටින සභාපතිවරයාට එරෙහිව ඇති නඩුවේ තුන්වෙනි වග උත්තරකරුවන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා යැයි පැවසු හිටපු ලේකම්වරයා හොර දේශපාලන මණ්ඩලයක් ඔහු පක්ෂයේ සභාපති ධුරයට පත් කර ගෙනඇතැයි ද කීය.
මේ ඉතාම කූට ලෙස සැකසූ උපක්‍රමයක් බව පැවසූ ජයසේකර මහතා මෙම කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීම යැයිද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් මතුව තිබෙනාවූ අර්බුද වලට වගකිව යුත්තු වන්නේද ඔබ සියලු දෙනාම වේ.
ඔය කියන පක්ෂය හදපු නිසා තමයි අවුරුදු තිහක යුද්ධයෙන් රටේ සංවර්ධනය අඩාල වුණේ. ජාතීන් අතර අසමගිය ඇතිවුණේ ආර්ථිකය කඩාවැටීම වුනේ ඔය පක්ෂයේ ප්‍රතිපත්ති නිසා තමයි. ඉතින් එහෙම පක්ෂයක් තිබිලා මොකටද?
මෙයත් හූනා වගේ... අනුන්ට සාස්තර කියනවා. තමන්ට වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැහැ.
වැඩ බැරි තොපිට වෙන හරිය ලගදීම බලාගන්න පුළුවන්.
ඔය පක්ෂේ නිර්මාර්තෘ බලය ලබාගැනීම සදහා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගනිම නිසා ජාතින් භේද භින්න වී 30 වසරක යුධයක් ඇතිවී විශාල දේපල සහ ජිවිත විනාශ වීමක් සිදුවුණා , රටේ ග්‍රාමීය ප්‍රදේශවල ජිවත්වන සිසුන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අවහිර වුණ නිසා ඔවුන්ගේ දැනුමට නිසි ආගමක් නොලැබීම නිසා ඔවුන්ට විශාල ආර්ථික සාමාජික පාඩු වලට මුහුණ දෙන්න සිදු වුණ. ඔහුගේ භාර්යාව රට පාලනය කරපු කාලයේ හාල් පොලු මිරිස් පොලු දමා ජනතාව බඩගින්නේ තැබුවා , ඕක චුත වුන තරමට රට්ටට යහපත් .
යූඇන්පී යේ හිටපු කාලේ, මහින්දගේ වැරැදි කියලා අන්තිමට සාටකේ එල්ලුනා. මෛත්‍රීට ගොට්ට ඇල්ලුවා. තමන්ට අන්තිමට වෙන දේ ගැනත් අපිට හූනා කියන්නා වගේ කියන්න පුළුවන්...