(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය අධ්‍යයනය කර ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවතේ හිටපු ජනාධිපති නිල නිවසේ ඊයේ (18) රාත්‍රී පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපතිවරණය සමයේ පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත එම තනතුරට පත්කිරීමට ද දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ දී ශ්රීලනිපය ගත් තීන්දුවට පිටින් යමින් වෙනත් අපේක්ෂකයන්ට සහය දීමට එක්වූ ආසන සංවිධායකයන් ඉවත් කර තම සංවිධායකයන් පත්කිරිමටත්, වෙනත් අපේක්ෂකයන්ට සහාය දුන් සංවිධායකයන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අතර, නව සංවිධායකයන් පත්කිරිම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කමිටුවක් ද පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. කඩුවේ මිට සතුරා අතට පත් නොකිරීමට වගබලා ගත යුතුයි.
වෛරී දේශපාලනෙන් යනඑන මන් නැතුව ඉන්න කට්ටිය. තවත් පිස්සු නොකර ඉන්න. ඔය වටිනා පක්ෂය කාලා දැම්මා. මෛත්‍රී චන්ද්‍රිකා නැගිට්ටවන්න පුළුවන් මහින්ද මහත්තයට විතරයි. විකල්පයක් විදිහට දෙවන පෙළ පක්ෂයක් ලෙස පොහොට්ටුවට එක්වන්න. මහින්ද මහත්තය ඔබ සැමට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්න නියම දේශපාලකයෙක්. ඔහේලට ඒ ගාවටවත් එන්ඩ බැහැ. හීන දකින්න එපා.කොන්දේසි නැතිව රට හදන්න ඔවුන් හා එකතු වන්න. කලක් යනකොට යලිත් පිළිගැනීමක් ඇතිකරගන්න වැඩ කරලා පෙන්වන්න. වෛරී දේශපාලනය නිසා රටත් පස්සටම ගියා. යථාර්තය වටහා ගන්න නැත්නම් තවත් අසරණ වේවි.
දේශප්‍රේමී ජාතික සංවිධාන, ජාතිකවාදී සිංහල බෞද්ධ - කතෝලික ප්‍රජාව, මහා සංඝරත්නය ප්‍රධාන මෙම බලවේග නොසිටින්න ගෝඨාභය ජනාධිපති නොවන්නට තිබුණි. නමුත් රටේ වාසනාවට ගෝඨාභය මහත්මයා හට උතුරෙන් හා නැගෙනහිරින් උග්‍ර බෙදුම්වාදී හා අන්තවාදී ජන්ද ලැබෙනවිට කිසිදු පැකිලීමකින් තොරව දකුණේ සිංහලයා එක පෙලට සිටගනිමින් දැවැන්ත සිංහ පවුරක් රහසිගතව සංවිධානය වෙමින් ගොඩනගා තිබිණි. එහෙම නැතුව ශ්‍රීලංකා එක හෝ පොහොට්ටුව විශේෂ කාර්යයක් පක්ෂ ලෙස නොකරන ලදී. මෙවර ජනාධිපතිවරණයේ ජය ගත්තේ ගෝඨා පමණක් නොව දේශාභිමානි සමස්ථ ජනතාවමය. ශ්‍රී ලංකාවේ පක්ෂ ප්‍රතික්ෂේප කරමින් රටගැන සිතා ජනතාව ජන්දය දුන් පළමු ජනතාවාදී ජන්දය මෙය බවට විශ්වාසය.
මොන පක්ෂේ ගැනද මේ කතා කරන්නේ? එහෙම එකක් තියෙනවද? සම්ප්‍රදායික වමට සිද්දවුන දේ මේ පක්ෂයට සිද්දවෙයි කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ. බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් පස්සේ මේකේ නායකත්වයට පත් වුන සියලුදෙනාම පක්ෂය විනාශ කළා. චන්ද්‍රිකා මහජන පක්ෂයක් අටවාගෙන ඉඳල දැන් යු.ඇන්.පී. වුනා. ඒ අතින් යු.ඇන්.පී නායකයෝ පක්ෂය රැකගන්න කොයිතරම් දේවල් කලාද? සජිත් විකාරෙන් දඟලන කොට රනිල් ඔහුට අවනත වී පක්ෂය දෙකඩවීම අවස්ථා කීයකදි නම් වැලක්වුවාද? වාමාංශික පක්ෂ සියල්ලම අවස්ථාවාදීන් නිසා විනාශ වුනා. දැන් ඉතින් ශ්‍රී.ල.නි.ප. යත් ත්‍රීවීල් පක්ෂයක් වෙයි.
ඉගනගත යුත්තනම් මහා සංඝයාට අගෞරව කරලා දිනාගත හැක්කක් නොමැත. බොරුව වැඩිකල් නැත.