(යොහාන් භාසුර)
කොළඹ 10, ඩී. බී. ජයා පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබේ.
එම පක්‍ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැඳගත් ලිපිගොනු කීපයක් එසේ අතුරුදහන්ව ඇති බව ද ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇති බව මරදාන පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසීය.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කීපදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන්කරගැනීමට නියමිත බවත් එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ අල්ලගෙන හිටියට ජනතා මනාපය ගන්න යහපත් නායකයෝ ඉන්න ඕනේ... SLFP එකත් UNP එකත් පල්ලම් බහින්න ඕනේ මේ කාරණාව නිසා...
සභාපති අරන් යන්න ඇති... සිරාගෙන් අහන්න.
ඔය පක්ෂයත් දැන් අතුරුදන් වෙලා ගොඩක් කල්. පක්ෂය කුණු කූඩෙට වැටිලාම ගියා.
මම මගේ අත්දැකීමක් තමයි මේ කියන්නේ ඔන්න මම එක් කාර්‍යාලයක සිට වෙනත් තැනකට ස්ථාන මාරුවක් අරගෙන ගියා. මම හිටපු තැන කෙනෙකුගේ සුලු අමනාපයක් මා කෙරෙහි තිබුණා ඉතින් දවසක් දෙකක් මගේ නව සේවා ස්ථානයට පනිවිඩයක් ආවා අහවල් ලිපිගොනුව නැහැ කියලා... ඒත් ඉතින් මම ලිපිගොනු භාර කෙනෙක් නොවෙයි. සමහර විට උපදෙස් ඉල්ලා හෝ නැත්නම් අත්සන සඳහා එවපු ගොනුවක් වෙන්න ඇති... ඊළඟ දවසේත් නැවත ඇමතුම් ලැබුණා... මම කිසිම දවසක රාජකාරි සම්බන්ධ කිසිවක් ගෙදර ගෙන යන්නේම නැහැ. දවසක් දෙකක් මෙහෙම වුණාට පස්සේ මම පැරණි තැනට ගියාම නැවතත් අර ප්‍රශ්නය මතුකළා... ඉතින් ඒ ප්‍රදේශවල ජනතාව තරමක් යම් යම් ඇදහිලි කරනවා මමත් ඒවා අත්දැකීම් නිසා විශ්වාස කරනවා. ඉතින් මම කලේ එම අනුහස් මතක්කර දීලා එතැනින් පිටවෙලා ආවා. මගේ නව සේවා ස්ථානය වෙතට මම පැමිණෙනවා... සමග අර නැහැ කියපු ගොනු තියෙනවා කියලා ඇමතුමක් ලැබුණා... ඔන්න ඔහොමයි සත්‍යම තත්වය. මේවා ගැන පොලිසිය විමර්ශනය කළොත් ඉතාමත් හොඳයි...