(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව එ.ජ.නි.ස පත්කළ මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා හා එස්.බී දිසානායක යන මහත්වරුන් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද (15) අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පත්කළ මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සදහන් කර සිටියේ තමන්ට එරෙහිව කිසිඳු විභාගයක් නොපවත්වා දේශපාලන පක්‍ෂයකට ඒකාධිපති ස්වරූපයෙන් ක‍්‍රියාකිරීමට හැකියාවක් නැති බවයි.
මෑත කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැරදි උපදෙස් අනුව ක‍්‍රියාකිරීම හේතුවෙන් පක්‍ෂය දැඩි අසීරුතාවයන්ට පත්වූ බව කී මන්ත‍්‍රීවරයා මෙය ද කාගේ හෝ වැරදි උපදෙසක් අනුව ගනු ලැබූ තීරණයක් විය හැකි බවද කීය.
පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කර සිටියේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ තීරණයට කිසිදු නීත්‍යානුකූල පදනමක් නැති බවයි.
පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරමින් ලියුම් සියයක් එව්වද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය කිරීමට තමන් ගත් තීරණය ආපසු හැරවීම කිසිවෙක්ට නොහැකි බවද මන්ත‍්‍රීවරයා කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටියේ ආණ්ඩු විරෝධී බලවේග සමඟ කටයුතු කිරීම විනය කඩකිරීමක් නොවන බවයි. විනය පරීක්‍ෂණයට මුහුණ දීමට තමන් සූදානම් බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා මෙම තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.
පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බි දිසානායක මහතා ද සදහන් කළේය. එමෙන්ම තමන්ට බ‍්‍රහ්ම දණ්ඩනය පනවා ඇති බැවින් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව පත්කළ මන්ත‍්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැයිස්තුවෙන් පත්කළ ඕනෑම කෙනෙක් පක්‍ෂයකට එළවන්න පුළුවන්.. එළවන්න බැරි ඡන්දේ ඉල්ලා දිනලා ආපු අය.. ඒකත් වුනේ අර දූෂිතයන් නිසා..
ඔහෙලව ගත්තොත් සම්මුඛ පරීක්ෂණ තියලා සුදුසුකම් පරීක්ෂා කරලා නොවේනේ..
එතකොට පොහොට්ටු මිටියක් වනවනා පන්සල් ගානේ පොරටෝක් දෙන, එක දවසක පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා කියන අනිත් දවසේ එහෙම දෙයක් හීනෙන්වත් හිතුවේ නැහැ. කියන ලොකු ලොක්කන්ට ඔය විනය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේ අතරේ අපට නම් දැනගන්නට තියෙන්නේ " වැනෙන නායකත්වයක් ගැන අපට කිසිම විශ්වාසයක් නෑ" කියලා ඉදිරි සති කිහිපය තුළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු තුන් දෙනෙකු පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නට යන බවයි. "මේ ගෙවීයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඉතිහාසයේ අසාර්ථකම කාල සීමාව බවත් අන්තිමේදී දැනට ශ්‍රීලනිපයේ ඉතිරිව සිටින කිහිපදෙනාටද පොහොට්ටුව සමඟ එකතු වීමට සිදුවන හෙයින් එජාපයේ සිට රනිල් එක්ක එකට ඉන්න බැරිකම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැන්න දයාසිරි ජයසේකර උන්නැහේගේ විනය ක්‍රියා මාර්ග පිළිබඳ කතා පුස්සක් වෙන බවත්ලු " ඒ ගොල්ලෝ කියන්නේ.
රජගෙදර කවටයින්ගේ අැබෑර්තු නැත කියලා බෝර්ඩ් එකක් නම් දැක්කා වගේ මතකයි..