
(ආරියරත්න රණබාහු)
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එහි භාණ්ඩාගාරික බස්නාහිර පළස්සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්ම ගේ මහතා කොළඹ අද (03) පැවතිමාධ්‍ය හමුවකදී පැවසීය.
එම කණ්ඩායමට තමා ඇතුළු ආසන සංවිධායකවරුන් 40ක සංඛ්‍යාව ක් ඇතුළත් බව කී බෙත්මගේ මහතා මලිමා රජයේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස් ඩබ්ලිව් ආර් ,ඩී බණ්ඩාරනායක මහතාගේ මිනිසාගේ පරම යුතුකම මිනිස්සාට සේවය කිරීමයි යන වදනට සහ ප්‍රතිපත්තියට බොහෝ සේ සමානුපාත වන බවද පැවසීය .
කොළඹ තුම්මුල්ල පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දි ඊයේ පෙරවරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙත්ම ගේ මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාමහතා ප්‍රමුඛ කණ්ඩායම දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ පිරිස අනෙක් දක්ෂිණාංශික කණ්ඩායම වන සජිත් පේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ බවය
එම නිසා එම කොටස් දෙකටම ඇතුළත් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වමට ලැදි පිරිස ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු කොන්දේසියකින් තොරවමුළුමනින්ම ජාතික ජනබලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් උදෙසා සම්පුර්ණ සහාය ලබාදෙන බව ඔහු පැවසීය .
මෙම තීරණය ගැනීමේදී දේශපාලන මණ්ඩලය මධ්‍යම කාරක සභාව සහ සියලු ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත පළවුන බවද හෙතෙම කීය.
මෙම මාධ්‍ය හමුවෙිදී පක්ෂයේ උප සභාපති නීතිඥ කීර්ති උඩවත්ත, ජාතික සංවිධායක කේ පී ගුණවර්ධන සහ මොනරාගල ආසන සංවිධායක වසන්ත ජයවර්ධන යන මහත්වරු ද අදහස් දැක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන් පි පි එකට උඹලා ඕනේ නෑ. නිකන් මෙහේ ඇවිල්ලා පච වෙන්ඩ එපා.
දැන් නම් මුක්කු ගහන්න ඕන තරම් කට්ටිය එනවා, ඒ උනාට වැඩක් නැහැ අනුරගේ පක්ෂ කාර්යාලයේ සැලූන් දොරක් නම් නැහැ.
ඈ බෙත්මේ, ඔබලාගේ මොත්තේ නම් මරු-ආතල්...
තව මිනිස්සු එකතු වෙන්න නෙවෙයිද ඕනේ...?
ඔය කුණු වෙලා ඕඡස් ගලන දේශපාලන අනාථයෝ මාලිමාවට ගන්න එපා. ඕකුන්ට යන එන මං නැතිව උතුර දකුණ හොයාගන්න බැරිව ඉන්නේ...!
මට බත්මගේ කරන වැඩේ දැක්කාම අන්දරේ කියපු කවියක් මතක් වුණා... ඒකේ ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති... පේනූ කියලා වාසි පැත්තට හෝයියා කියන අයව උපහාසයට ලක්කිරීමක් කරලා තියෙනවා... දැන් ජනාධිපති මාලිමාව නිසා මිනිස්සු මාලිමාව ජයග්‍රහණය කරන්න කටයුතු කරාවි ඔය අතරේ දේශපාලන අනාථයෝ ගංවතුරේ ගසාගෙන යන මිනිහා තණකොළ ගහේත් එල්ලෙනවා වගේ කරන්න බලනවා... ඒත් මෙහෙම එවුන් ගත්තොත් ඉතින් මාලිමාවටත් දෙයියන්ගේම පිහිටයි...
කරකියා ගන් දෙයක් නැති වුණාම මාළිමාවට කිට්ටු වෙන්න හැදුවාට වැඩක් නැහැ. මාලිමාව වටා විවිධ වෘත්තිකයින් රට දියුණු කරන්න දායකත්වය දෙන විශාල පිරිසක් ඉන්නවා.
මේ කාලකන්නි ගතහොත් මාලිමාවට ලැබෙන ඡන්ද අඩුවෙනවා... මොවුන්ව දේශපාලනෙන් විශ්‍රාම යවන්න ඕනේ. උගත්, අවංක, දක්ෂ තරුණ තරුණියන්ට අවස්ථාව දෙන්න ඕනේ...
1994 සිට සෑම ආණ්ඩුවකම ඇමතිකම් කළ නිමල් සිරිපාල ද සිල්වා NPP ආණ්ඩුවෙන් ඇමති වෙන්නයි යන්නේ.
ඡන්දේ දී ඵල්ලලා හැබැයි ඡන්දෙ ඉල්ලන්න තියා කතා පවත්වන්නවත් එන්න එපා.
මැක්කෝ බල්ලෙකුව හොයනවා .සහෝදර ජනාධිපතිතුමනි මෙහෙම අයව ගාවගන්න එපා
ඔහේලගේ සහය නැති වුණාට කාරී නැහැ. මාලිමාව වටා රට ගැන හිතන, අදූෂිත අය ඕනතරම් ඉන්නවා.