IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රීලනිප වැඩ බලන සභාපති එරෙහි වාරණය දිර්ඝ කරයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස  තේරී පත් වූ  අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්  නිකුත් කළ වාරණ නියෝග ලබන 27 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (15) නියෝග  කළේය.

වැඩ බලන ප්‍රධාන ලේකම්ගේ හා වැඩ බලන සභාපතිවරයාගේ තීරණ ක්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගයද යළි දීර්ඝ කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක,දුමින්ද දිසානායක හා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව  මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල,වැඩ බලන සභාපති,වරායා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,අධිකරණ ඇමති ජනාධිපතිනීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ,පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා නම් කර ඇත.

වාරණ නියෝග වලට එරෙහි විත්තියේ විරෝධතා  ලබන 27 දෙන ඉදිරිපත් කරන ලෙසද  විනිසුරුවරයා දන්වා සිටියේය.



අදහස් (0)

ශ්‍රීලනිප වැඩ බලන සභාපති එරෙහි වාරණය දිර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site