(නාලක සංජීව දහනායක)
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා ලබන සතිය වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් දෙපාර්ශවය අතර සාකච්ඡා අවසන් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ.
මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ඡාවට අටක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවන් හිදී ප්‍රතිපත්තිමය කරුණු 25කට අධික සංඛ්‍යාවකට දෙපාර්ශවයම එකඟතාවය පළකර තිබෙන බවද වාර්තාවේ.
එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ නව සන්ධානයේ ලංඡනය ලෙසට යොදා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීමත්, වෙනත් ලකුණක් යොදා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අකමැති වීමත් හේතුවෙන් සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිව තිබෙන බවද පැවසේ.
කෙසේ වෙතත් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළතදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හා අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් විසින් තම පක්ෂයේ නියෝජිතවරුන්ට දැනුම් දී ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් යුතු කමිටුවක් ද පත්කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයද ඔට්ටු? බලධාරීන් හරි තීරණයක් නොගත්තොත් ඒ එක්කම ලංකාවේ අනුපමේය දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයත් අවසන් වෙන්න පුළුවන්... මේ අතර කථානායක කරූ ජයසූරිය මහතාව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි යෝජනා කිරීම සඳහා මල්වතු, අස්ගිරි උභය විහාරික නායක භික්ෂූන් වහන්සේලා හෙට (14) අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිත බව දැනගන්නට තියෙනවා. "පිරිසිදු බෞද්ධයකු වශයෙන් මෙන්ම සියලු ජාතීන්ට, ආගමිකයින්ට එක හා සමාන ලෙස සලකන නායකයකු වශයෙන්ද ප්රජාතන්ත්රවාදය කෙරෙහි උපරිම කැපවීම ක්‍රියාවෙන් ඔප්පු කළ නායකයකු වශයෙන්ද දූෂණ, වංචාවලට සම්බන්ධ නැති නිකැළැල් දේශපාලන චරිතයක් හිමි නායකයකු වශයෙන්ද ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්දැකීම් සහ දැක්මක් ඇති නායකයකු වශයෙන් ද උගත්, බුද්ධිමත්, රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි නායකයකු වශයෙන්ද අනාගත ජනාධිපති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවට එ් හිමිවරුන් විසින් තීරණය කර ඇති බවයි" සඳහන් වෙන්නේ...
කවුරු අාවත්, නාවත් අපිට වැඩක් නැහැ. අපි දෙන්නේ ගොඨාභයට.. අපිට සළකුණු අදාලම නැත.
පබාටත් පැරදුණු එක්කෙනානේ...
..කරු අන්කල් ගම්පහින් පැරදුණා.
අවසන් සාකච්ඡාවත් අසාර්ථකම වේවා...!!! එහෙම නොවුණොත් කීර්තිමත් පක්ෂයක් හොරු රැලක් අතින් විනාශ වෙනවා.
SLNP විසුරුවා හැරියා නම් ඉන්න සමාජිකයින්ට කැමති පැත්තකට යන්න පුළුවන්...
මොන සාකච්ඡාද? පොහොට්ටුව කියන විදියට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන්න වෙන්නේ..