
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන පිරිත් පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.
මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.
මෙහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙක් විමසූයේ ශ්‍රිලනිප පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.
ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවෙි ශ්‍රිලනිප මහලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම තියෙන්නෙ රටෙ ජනතව අතේ. ජනතාවට ඔනෙ නම් තවඩුරටත් තියෙන්න අරීවි. ඔනෙ නෑ කියල හිතුනොත් කඩේ වහල ගෙදරම යවාවි.
පක්ෂය කාගෙ අතේ තිබුණත් කතිරය තියෙන්නේ නම් අපේ අතේ...
මේ සෙට් එක අලියාගෙ නැට්ටේ එල්ලිලා ඉන්නේ....
ඡන්දෙ තියෙන්නේ ජනතාවගේ අතේ... හැබැයි හොර ඡන්ද දැමිල්ල ජිල්මාර්ට් තියෙන්නෙත් ඔහෙලගේ අතේ...
ඕකත් අර කලිසම අස්සට අත දාපුවාම අතට අහුවෙච්චි එක වගේ නේද?