ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගත්තේය.
ශ්‍රී ලංකන්හි වාණිජ මෙහෙයුම් ක්‍රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයන්ට සේවා සැපයෙන අතර MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන නැරැඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයන්ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. එහිදී MICE සංචාරකයන්ට අවශ්‍ය සියලුම මූලික සේවා එනම්, ගුවන් ගමන් පහසුකම්, හෝටල් නවාතැන්, මගී අන්තර්මාරු සේවා, රට තුළ අභ්‍යන්තර චාරිකා ආදී බොහෝ සේවා ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුය.
ව්‍යවසායකයන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ලොව එකම සුහද ව්‍යවසාය ජාලය වන ව්‍යවසායක සංවිධානයේ නේපාල ශාඛාව තුළ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් ව්‍යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. ඔවුහු ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහි පළමු කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණි අතර Reliance Group Nepal; City Tech; Khangri Sourcing; Mercantile Group; ARKS Capital Advisors; සහ Siddhartha Group වැනි නේපාලයේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීහු, උප සභාපතිවරු, අධ්‍යක්ෂවරු සහ ප්‍රාග්ධන උපදේශකයෝ ඒ අතර වූහ.
නේපාලයේ ව්‍යවසායක සංවිධානය මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ MICE සේවා අපේක්ෂා කිරීමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් සේවයේ පළපුරුද්ද සහ ගමනාන්ත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවැසි සම්පූර්ණ පරාසයක සේවා සැපයීමට ගුවන් සේවය සතු හැකියාවය. කොළඹ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සතියකට ඍජු ගුවන් ගමන් වාර පහක් සපයන එකම ගුවන් සමාගමද ශ්‍රී ලංකන් වේ.
මීට අමතරව, ගුවන් සමාගමකට පමණක් ලබාදිය හැකි ප්‍රතිලාභ වශයෙන් සැලකිය හැකි විශේෂ ගුවන් ගමන් ගාස්තු, පිටත්වීමේ ගුවන් තොටුපළේ විශේෂිත කවුන්ටරයක් ඇතුළු ගුවන් තොටුපළ පහසුකම් සැපයීම, කණ්ඩායම් වශයෙන් Check-in සේවා සැපයීම, ආසන විකල්ප සහ ගුවන් යානයට පිවිසීමේදී විශේෂ පිළිගැනීමක් ලබාදීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ ඔවුන්ට ලබාදීමට ද ශ්‍රී ලංකන් පියවර ගත්තේය. දේශීය සංචාරක වෙළෙඳ හවුල්කරුවන් සමඟ එක්ව, නේපාල ව්‍යවසාය සංවිධානයේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා එම ගුවන් ගමන්වලදී ශ්‍රී ලංකන් තම සියලු අන්තර්මාරු නැවතුම් ඉවත් කිරීමටද කටයුතු කළේය.
595
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි