IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි

(අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී  ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර හතරකට ආසන්න කාලයක් මෙම ෂරියා විශ්වවිද්‍යාලය පැවතියේ යුද හමුදාව බාරයේ ය.

එම විශ්ව විද්‍යාලයේ මුල් හිමිකරු වන නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ එම්. ඒ.එම් හිස්බුල්ලා මහතාට එහි අයිතිය බාරදීමට ඉකුත්දා කටයුතු කෙරිණි.

මඩකලපුව පුනානි හි පිහිටි  එම විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු තාක්ෂණ විශ්ව විද්‍යාලයට පැවරීමෙන් අනතුරුව තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටියට අනුකූලව කටයුතු කිරීමටත් කෘත්‍රිම  බුද්ධිය ආදී විෂයයන් ඉගැන්වීමටත්  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තීරණය කෙරිණි.

මඩකලපුවේ මෙම විශ්ව විද්‍යාලය අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සහ සියලු පහසුකම් වලින් යුක්ත වන අතර එවැනි පරිශ්‍රයක් නිකරුනේ වසා දැමීම ජාතික අපරාධයක් හෙයින්  තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතේ අනාගත පරපුරට ප්‍රයෝජනයක් ගැනීමට  හැකිවන පරිදි පවත්වාගෙන යාමට රජය අදහස් කරයි.



අදහස් (5)

ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි

AJITH Saturday, 23 September 2023 07:58 AM

තාක්ෂණ විශ්ව විද්‍යාලය යටතේ අනාගත පරපුරට ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන පරිදි පවත්වාගෙන යාමට රජය අදහස් කරයි...

:       2       10

PGPThilak Saturday, 23 September 2023 08:01 AM

එතකොට හිස්බුල්ලාට කීයක් දෙනවාද කියලාත් කියන්න..

:       4       28

Mr DonSaturday, 23 September 2023 03:44 PM

ශ්‍රී ලංකාවේ සල්ලි නෙවෙයි... ගල්ෆ් රටවල සල්ලි...

:       2       10

කිරිපුතා Saturday, 23 September 2023 09:39 AM

කොටි ඇතුලු සියලු අන්තවාදීන් හුරතල් කර තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ නිවට නියාලූ සුපුරුදු ක්‍රියා කලාපය බලාපොරොත්තුවෙන් සිටියෙමු. ජාතියට ප්‍රශ්න රැසක් ඉතිරි කර ඔවුන් නික්ම යාවි. එම ප්‍රශ්න විසඳීමට ජාතියටම ඉදිරියේදී සිදුවනු ඇත...

:       14       31

fairoos Sunday, 24 September 2023 12:29 PM

ඒ වගේම සුනාමි වලට සෞදි රජයෙන් හදලා දීපු ගෙවල් 500ත් කාට හරි දෙන්න. ඒකත් ජාතික අපරාධයක්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site