IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රීපාද රක්ෂිතයේ ගින්න වැඩි වෙයි :ජල මුලාශ්‍ර වලට තර්ජනයක්

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ශ්‍රීපාද රක්ෂිතයේ, මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි  ටර්පන්ටයින් වගාවේ දින 04 ක පමණ කාලයක් තිස්සේ පවතින ගින්න අද (10) දින වන විටත් තවදුරටත් පැතිරෙමින් පවති.

මෙම ගින්න නිසා මේවන විට ටර්පන්ටයින් වගාවේ අක්කර ගණනක්  විනාශයට පත්ව තිබේ.

ගින්න පැතිරයාම වැළැක්වීමට නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් හා වතු ජනතාව එක්ව දැඩි උත්සහායක් දැරුවද  ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා  සුළං තත්වය නිසා ගින්න පවතින ස්ථානයට ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

ප්‍රදේශයේ ඇතැම් සංවිධානාත්මක පරිස් හා පුද්ගලයින් විසින් වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට වියළි කාළගුණයක් පවතින කාලවල මෙම ගිනි තැබීම සිදු කරන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම ගිනි තැබීම් හේතුවෙන් මේ වන විට මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන් ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යෑමේ තර්ජණයට ලක්ව තිබේ.

 



අදහස් (1)

ශ්‍රීපාද රක්ෂිතයේ ගින්න වැඩි වෙයි :ජල මුලාශ්‍ර වලට තර්ජනයක්

nimal Monday, 11 March 2024 07:26 AM

ප්‍රදේශයේ ඇතැම් සංවිධානාත්මක පරිස් හා පුද්ගලයින් විසින් වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට වියළි කාළගුණයක් පවතින කාලවල මෙම ගිනි තැබීම සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක විය යුතු වේ. එසේ නොමැති උවහොත් සොබාදහම මගින් සියලු දෙනාටම දඩුවම් ලබාදෙනු ඇත

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site