
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිවසින් අද පිටත්ව යන මොහොතේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාධ්‍යයට වචන කිහිපයක ප්‍රකාශයක් කළාය.
රාජපක්ෂ මහත්මිය එම ප්‍රකාශය කරන ලද්දේ මාධ්‍ය විසින් කළ ප්‍රශ්න කිරීම් වලට ප්‍රතිචාර වශයෙනි.
මාධ්‍ය සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර ඇති වූ සංවාදය මෙසේය.
ප්‍රශ්නය:-
මැඩම් මාධ්‍යයට වචනයක් කියන්න
පිළිතුර:-
මම සාමාන්‍යයෙන් කතා කරන්නේ නෑනේ.මම දේශපාලනය කරන්නේ නෑනේ.වැඩ කරනවා විතරයි. කතාව නෑ මගේ.
ප්‍රශ්නය:-
ආණ්ඩුව ගැන මොකක්ද කියන්න තියෙන්නේ.
පිළිතුර:-
ඒවා ගැන මම මොකුත් කියන්නේ නෑ.මම දේශපාලනය කරන්නේ නෑනේ.
ප්‍රශ්නය:-
මැඩම් දුකින්ද ඉන්නේ?
පිළිතුර:-
නෑ , යනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිතුරු දුන්නාය.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් බැදීම් අල්ලා ගැනීම් වැඩිවෙන තරමටම දුකත් ඒ හා සමානව පසු පසින් පැමිණෙයි.
ඉස්සරහට සුනාමිය වගේ කඳුළු ගලයි. මතකද ඒ කඳුළු වලින් හම්බකරපු විදිය. තව ඉස්සරහට දුක වැඩිවෙයි. අඬලා ටිකක් පුරුදු වෙන්න. සොරි අනේ...
දේශපාලනය කරන්නේ නෑ... හොරකම් කරනවා විතරයි...
මොවුන්ට තමා බෝතල් පත්තරකාරයෝ කියන්නේ...
ගමට ගිහින් වේදනාලාව ගන්න පුළුවන් එහෙම නැත්තන් සින්දුවක් කියාගෙන ඉන්න බැරිය, නේද?
ලංකාවේ කිසිම දේශපාලක පවුලක් මේ තරමට පීචං වෙලා නැතුව ඇති.
වැඩිය කතා නොකෙරුවාට හොන්දට වැඩ පෙන්වපු කෙනෙක් සිරිළිය ගිණුම... රත්තරන් හෙර,තාජුඩීන් ඝාතනය මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් රටම දන්නවා...
මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා.... කරුණා ඉතිරේවා සිත් තුළ කරුණා ඉතිරේවා....
මැඩම්? ප්‍රශ්න අහපු උන්දෑ කවුද?
මැඩම්, තාජුඩීන් මෙහෙයුම සාර්ථකයි නේද?
රජ මැදුර අපේ අද අඳුරු වෙලා මේ මොකද උනේ පත්තු වෙන්නෙ නෑ සාලෙ බල්බේ
මේ ඩබල තියෙන ජරා වැඩ ඔක්කොම කරපු එක ඇත්ත. හැබැයි මෙච්චර කාලයක් මෙ දෙන්නා එකට හිටිය එක ලොකු ආදර්ශයක්. දැන් කාලෙ තියෙන ඩ්වොර්ස් වල හැටියට. මිනිහා ජීවිතෙ අඩුම / යටම තැන යාලු වෙන ගැහැණිය හා ගැහැණිය හොද තැනක ඉන්න අවස්තාවෙ සෙට් වෙන මිහිහා වෙන් වෙන්නෙ කලාතුරකින් කියන එකට හොඳ උදාහරණයක්. Through thick and thin....
ඔය කාපු කෑම කන්න වෙන් වෙලා කොහොමද? අර මහින්දානන්ද ගොයියාගේ පවුල වෙන් වෙලා කාපු කට්ට දැක්කාම පෙර වුණු පිට හොඳයි කියලා... එල්ලිලා ඉන්න ඇති.. කොහොමත් මේ අංගනාවත් මහින්දව නටවපු එක නූල් සූත්තරයක් තමයි..