
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන 3 වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තාවේ
ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවා ඇත්තේ සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ගැනීමට යැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇයට මීට පෙර දිනයක පැමිණෙන ලෙස දැනුම්දී තිබුණත් එදිනට පැමිණිය නොහැකි බව පවසා අැය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබිණ. ලබන 3 වැනිදා දිනය ලබාදී ඇත්තේ ඒ අනුවය.
මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදේ 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
කෙසේ වෙතත් ඔහුට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අඩුගානේ මෙහෙම හරි වෙන්න ඕන ....
නිදොස්කොට නිදහස්කිරීමේ පෙරමුණ NNP
ගෝඨාභයගේ ෆයිල් එක කවදාද එළියට ගන්නේ...?
කාටද ආඩම්බර ! අම්මලා පුතාලා එකට හිරගත වෙන කොට...
කොටින්ගෙන් අල්ලාගත් රත්තරන් " ටික ටික .." විකුණලා අහුවුන " සිරිලිය " කෙලින්ම කූඩුවට!!!
මේ උපන්ගෙයි මෝඩයාට නඩු හැට හුටාමාරක් තියෙනවා.. මේ සැරේ .. අර රත්නපුරේ දුෂණය කරපු කේස් එකද?
මැදමූලන "හොරලිය" අම්මයි, එයාගේ අතිජාත ගොබ්බ, හොර පෙරකදෝරු පුතායි එකම දවසේම, පොලිසියට එන්න කියා තිබෙන එක, දෛවයේ සරදමක් විය හැක. කොහොම වුණත් මේ ඩබලට, එදා රෑ කෑම වැලිකඩ බන්ධනාගාරයේ කැන්ටිමෙන් ලැබේවා කියා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එහෙම උනොත් නම් එය, මැදමූලන රාජපක්ෂ වංශ කතාවේ පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අති විශාල, දීර්ඝ පරිච්ඡේදයක් වනවා නිසැකයි !!!