(එෆ්.අස්ලම්)
ටෙලෝ සංවිධානයෙන් ඉවත් වූ ශ්‍රීකාන්තන් මහතාගේ නායකත්වයෙන් ද්‍රවිඩ ජාතික පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
එම පක්ෂයේ මහ ලේකම් වශයෙන් ටෙලෝ සංවිධානයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පත්කර ඇත.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා බලාපොරොත්තු මෙන්ම ස්වයං අයිතිය වෙනුවෙන් දේශපාලන වශයෙන් හඬනගන පක්ෂයක් වශයෙන් ද්‍රවිඩ ජාතික පක්ෂය ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව ගිය සාමාජිකයින්ගෙන් සැදුම් ලත් මෙම පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් ගොඩනගන නව දේශපාලන බලවේගය හා එක්ව දේශපාලනය කිරීමට සූදානම් බවද සිවාජිලිංගම් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ සාමාජිකයින් වූ එම සංවිධානයේ මහලේකම් ශ්‍රීකාන්තන් මහතා සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්.කේ සිවාජිලිංගම් මහතා එම සංවිධානයෙන් ඉවත්ව ගියේ එම්.කේ සිවාජිලිංගම් පසුගිය ජනාධිපතිවරණයට පක්ෂ ප්‍රතිපත්තිය එරෙහිව ගොස් තරග කිරීම සහ පක්ෂ තීරණය නොතකා ශ්‍රීකාන්තන් ප්‍රමුඛ පිරිසක් සිවාජිලිංගම්ට සහාය දැක්වීම හේතුවෙන් සිදුකළ විනය පරීක්ෂණයක් මුල්කරගෙනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තුළ ජාතිවාදය, සාමාන්‍ය ජනයා තුල ඇතිවන්නක් නොව දේශපාලකයා නමැති බඩගෝස්තරවාදියා විසින් ඇති කරන්නකි. එය නැවත්වීමට අවැසි නම් සංහිඳියාව වැනි බෝර්ඩ් ලෑලි මත යැපීමට සීමා නොවී මෙවන් උන්මත්තකයන් කොටු කරලීමට නීති පනත් ගෙන ආ යුතුය. එක් එක් ජාතීන්ගේ නම් වලින් නව පක්ෂ සෑදීම වහාම නතර කර දැනට පවතින එවැනි පක්ෂ නාමද සංශෝධනය කළ හැකිනම් එයද ඒ සඳහා අඩිතාලමක් වනු නියතය. නව ජනපතිතුමනි, ඔබගේ හෝ අවධානය මේ සඳහා යොමුවේ නම්...
එකක් නොවෙයි පක්ෂ 10ක් හදා ගන්නවකො අපිට මොකෝ කියලා බලන්න. ඔයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ..