IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් නව ගුවන් යානයක්

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා අද(17 ) පැවසීය .

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම  නව  ගුවන් යානය ඊයේ(16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ .

පුළුල් බදු සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන  බව දීපාල් පෙරේරා මහතා පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම් වලට යම් මට්ටමක විසදුමක් ලෙස මෙම නව ගුවන් යානය පැමිණීමෙන් අත් වීමට නියමිතය .

 



අදහස් (4)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් නව ගුවන් යානයක්

Pavithra Wednesday, 17 January 2024 02:14 PM

පරණ කසිකබල්... ඔව්වාගේ යන්නත් බයයි.

:       15       21

AmaraWednesday, 17 January 2024 05:14 PM

ඔයා බෝයිං එකේද?

:       3       9

Dasa P Wednesday, 17 January 2024 06:22 PM

එතකොට දැන් ලාභ ලබනවද? නැතිනම් අපේ ණය කන්දට තව ටිකක් එකතු කළාදෝ...?

:       4       7

Don Wednesday, 17 January 2024 06:31 PM

මේවට නගින්න එපා...

:       14       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site