
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා අද(17 ) පැවසීය .
ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නව ගුවන් යානය ඊයේ(16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ .
පුළුල් බදු සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන බව දීපාල් පෙරේරා මහතා පැවසීය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම් වලට යම් මට්ටමක විසදුමක් ලෙස මෙම නව ගුවන් යානය පැමිණීමෙන් අත් වීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ කසිකබල්... ඔව්වාගේ යන්නත් බයයි.
එතකොට දැන් ලාභ ලබනවද? නැතිනම් අපේ ණය කන්දට තව ටිකක් එකතු කළාදෝ...?
මේවට නගින්න එපා...