(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ජී. එස්. විතානගේ මහතා පත් කර තිබේ.
මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් ඊයේ (13)වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇත.
ජී. එස්. විතානගේ මහතා එම තනතුරට අමතරව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත් කළ බව ඊයේ මාධ්‍ය වාර්තා පළ වුවද එය යළි මෙලෙස වෙනස් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් වෙනස් කළාට වැඩක් නෑ... පාඩුව අඩුකර ලාභ ලබන ක්‍රමයක් සොයන්න...!
ඇත්තටම මේ රටට සහ පාලකයන්ට වෙන්නේ කෝකද මේ..? ජන ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ මේ අය කුඩු ගහලද...? ජාතික ආර්ථික මර්මස්ථාන පාලනය වෙන්නේ මෙහෙමද...? මේ තරම් අරාජික වෙලා තියන එක මහා ලොකු ප්රජාතන්ත්රවාදය රකින්න හදන අයට සහ රට හදන්න හදන උන්ට එන්නේ නැතිද? අහෝ දෙවියනි, මේ රට රකින්නේ කව්ද? ????????????????????????????
මෙහෙම රටක්, අද දෙනවා හෙට ඉවත් කරනවා. මේවා ටොපි සීනිබෝල විකිණෙන තැන් ගානට වැටිලා...
මෙහෙම මාරු වෙන්න ගියොත් ගුවන් සේවය ගෙදර තියලා අපට පයින් තමයි පිටරට යන්න වෙන්නේ...
පව් පැය 24 සභාපතිට වෙන්නේ මොකක්ද?
ලේකම්තුමා පොඩ්ඩක් ඉන්න බැරිද ආණ්ඩුව කාගේද කියලා දැන ගන්නකම්?