
(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භ අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් එම සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව අවදානයෙන් පසු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරියෙන්ම සිටින අතර එම සමාගම ප්‍රතිවූ්‍යහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කුරුමානම දාලා හරි කමක් නැහැ... කවුරුහරි ඔය අටමගලේ ගන්නවා නම්...
ටටා බයි බායි....
ඉතාම හොඳ අදහසක්. වැඩදන්නා කණ්ඩායමක් විසින් කලින් ලාභ ලබන ආයතනයක් ලෙසට පවත්වා ගෙනගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපේ රටට දරාගන්න බැරි සුදු අලියෙක් බවට පත්කළේ තමන්ගේ බොල් ඔළුගෙඩි පමණට වඩා ඉදිමුවාගෙන කටයුතු කරමින් රටේ සම්පත් අඩියට යනතුරු සොරාකාපු පව්කාරයින් විසිනුයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩුපිට පාඩු ලැබුවේ මේ රටේ ඇතැම් දේශපාලනඥයින් හා ඔවුන් හා සම්බන්ධ නෑදෑ හිතවතුන් නිසා බව රහසක් නොවේ. විශාල වැටුප් හා ආයතනයකට දැරිය නොහැකි වියදම් ඇති සභාපති වරුන් පත්කොට, පෙරකී දේශපාලකයින් හා පවුල්වල අය නොමිලේ විනෝද චාරිකා නිතර නිතර යනවිට ඒ ආයතන කෝටි ගණනින් පාඩු ලැබීම පුදුමයක් නොවේ. සමාගමේ පැරණි යානා අබලන්ව කුමන මොහොතක මිනිස් ජීවිත විනාශ කරමින් අනතුරක් සිදු වේ දැයි කිව නොහැකියි. රටේ මුදල් ගිලින මේ දැවැන්ත සුදු අලියා විකුණා දැමීම වරදක් බව නොපෙනේ. වෙනත් ගතයුතු විකල්පයක් පෙනෙනතෙක් මානයේ නැත...
එහෙනම් ඉතින් ඇමැතිලාට හොඳ ගාණක් ලැබේවි...!
ඕක කව්රු ගත්තත්, ඔකේ තියෙන ණය කව්රුවත් බාර ගන්නේ නැහැ. අන්තිමේදී ඒ ණය දරනට වෙන්නේ ලංකාවේ මහජනයාටයි.
ඩිමෝ බට්ටන්ගෙ මට්ටමටම වැටෙයි වගේ
රට අරාජිකත්වයට පත් කරපු බලු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන් !!! පවුල් පිටින්ම මකබැවිලා පල !!!