IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට සෞදි අරමුදලේ සහාය දිගටම

(සුජිත් හේවාජුලිගේ )

සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදෙන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (29) පොරොන්දුවිය.

සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන සෞදි  තානාපති  අබ්දුල් නසර් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අද පෙරවරුවේ හමුවූ අතර ඔහු එම පොරොන්දුව ලබා දුන්නේ ඒ අවස්ථාවේදීය.

සිය ධුර කාලයේදී හුසේන් අල් හාර්ති මහතා  ශ්‍රී ලංකා රජයට දැක්වූ සහාය  ජනාධිපතිවරයාගේ  ප්‍රශංසාවට ලක්විය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව හාර්ති මහතා මෙහිදී පැවසුවේය.

ආයෝජන කලාප ආශ්‍රිතව විශේෂ බදු සහන රැසක් ලබාදී ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා  ඖෂධ, තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ  පවතින පුළුල් අවස්ථා පිළිබඳවද  දීර්ඝ විස්තරයක් කළේය.

කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනය ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රජයට මෙහිදී ආරාධනා කළේය.

සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතලපහසුකම් සංවර්ධනයට දක්වන සහය ගැන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කළේය

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ සෞදි රාජ්‍යයේ මෙරට නියෝජ්‍ය තානාපති අබ්දුල්ලා ඒ. ආර්කොබි (Abdullah a. Aorkobi) යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගීවූහ.



අදහස් (0)

ශ්‍රී ලංකාවට සෞදි අරමුදලේ සහාය දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site