
(යොහාන් භාසුර)
පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට සැපයීමට රුසියාව එකඟ වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද 'ලංකාදීප'යට පැවසීය.
මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ එකඟතාව පළ කළ බවත් පෙට්‍රල් සහ ඩීසල් රුසියාවෙන් මෙරටට ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.
රුසියාවෙන් ආනයනය කරන ඉන්ධනවලට ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් කරන බව කී ඒ මහතා රුසියානු මුදලින් ගෙවීම් කරන ලෙස කිසිදු ඉල්ලීමක් නොකළ බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ඇමරිකාවට කේලාම් කියයිද?