
(අංජුල මහික වීරරත්න)
ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයින්ඩන් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වොෂින්ටන් ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයින්ඩන් මහතා ඉහත ප්‍රකාශය කර තිබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන සතුට පළ කරන අතර ඔවුන්ට ස්තුතිය පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත දීලා ගස්සලා ඇදලා අත පන්නයි. ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි.
ඇමෙරිකාව කවදාද ලංකාවට උදවු කලේ. මානව හිමිකම් එකෙනුත් ලංකාවට එරෙහිව තමයි හිටියේ. දැන් හදන්නේ එම් සී සී ගිවිසුම ගේන්න. ඇමෙරිකාව තරම් ලෝකයට වින කරපු රටක් තවත් නැහැ. හැබැයි එයාලා හොදින් ඉන්නවා.
උදවු කරනවා කියනවා .. අනේ මංදා මොන වගේ උදවුද කියල
දේවල් නිකම් දෙනකම් බලා ඉන්න ඕන නෑ... අපි මොනව හරි කරමු..
ගිරව් වගෙ කියන කියන එක ලියන්න එපා. හරියට විස්තර අහල ලියන්න. මොනවද උදව්, කවදද දෙන්තෙ, කොහොමද වගෙ ප්‍රශ්න.
චීන අසුචි පොහොර යොදා කල කාබනික වගාවෙන් රට සොයම්පෝෂිත වී ඇති වකවානුවක, ඉන්දියන් සහයෝගයෙන් ඉන්ධන, ඉතාම සහන මිලට ඕනෑතරම් ලබා ගත හැකි වාතාවරණයක් තුල, ලාංකික ජනතාව විදේශ සංචාර සඳහා වැඩි නැඹුරුවක් පවතින අවධියක, අපට මොකටද ඔය කොහෙවත් ඉන්න ඇමරිකන් කාරයින්ගෙන් ආධාර? අනික රනිල් වික්‍රමසිංහ මහත්තයට ගෙදර යන්න උනෙත් MCC ගිවිසුම නිසානේ. ඔයිට වඩා නම්බුකාර විදිහට අපිට ඉන්දියාවේ හිඟන මිතුරන් ආධාර කරනවා. බංගලාදේශ හිත මිතුරන් ගෙන් අපට ඕනෑම වෙලාවක හදිස්සියකට අතමාරුවක් කර ගන්න පුළුවන්. අපිට ඔය යුරෝපයෙන් වත්, ඇමරිකාවෙන් වත් පිනට කන්න ඕනා කමක් නැහැ. අපි නම්බුකාර ලෙස ලෝකයේ ඉහලින්ම ඉන්න ජාතියක් බව ඔවුන් දැන ගත්තොත් හොඳයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීම වාර දෙකයි
ඇමරිකාව යුද්ධයක් එහෙම තියෙනවා නම් හොඳටම උදවු කරාවි. බලපුවාම යුක්රේනයට කොපමණ උදව් කරනවා ද?.
ඔව් ඉතින් යුක්රේනයටත් අතහිත දුන්නනේ...!
මේ බෑඩ් කමෙන්ට් කරන මහත්තුරු ඇමරිකාවට pr නෙමෙයි, නිකන් වීසා එකක් වැදුණොත් නොගිහින් ඉන්නවද? නැහැනේ. හොඳ හෝ නරක කෙසේවෙතත් අපේ වෙළඳ භාණ්ඩවලට ලොකුම වාසිය දෙන්නේ ඇමරිකාවෙන්. 1ට 200 ක්... මහලොකු ඉන්දියානු අසල්වැසියා අපෙන් 5ක් ගන්නකොට 100ක දේවල් අපිට විකුණලා...!
මෙයාගෙ ටොන් පච ,මෙව විස්වස කරන්න එපා ,රනිල් වැඩ කාරයෙක් කියල ගොතන පච.තව මාස පහ හයකින් මතකය අවදිකරල බලන්න, ආදාර ආවද කියල. පල් හොරු මිනිස්සු රවටනව.
උදව් දෙනවා කිව්වට මොනවද උදව් කියලා සඳහන් කර නෑ. බැරිද යුක්රේනයට දෙන යුද්ධ අධාර සම්පූර්ණයෙන් නවත්වලා ඒ ටික ලංකාවට දෙන්න? එහෙම කරනවා නම් ලංකාවේ ආර්ථික අර්බුදය නැතිවෙලා යනවා...
අත මෙහෙ කුණු කූඩෙ තියෙන්නේ... දැන් තියෙන්නේ පොහොට්ටු ගාය...
රනිල් වික්‍රමසිංහ ලොකු උත්සාහයක් ගන්නවා.. එයා ජාත්‍යන්තරයේ ලොකු පොරක් කියලා පෙන්නන්න. අමු බොරුව දාගෙන ඉන්නේ. අපි දන්නවනේ මිනිහා කවුද කියලා. එයාගේ බලාපොරොත්තුව නන්දසේනවත් කපාගෙන ජනාධිපති වෙන්නයි.
මෙතෙක් කල් අපි හිතන් උන්නේ තිරිවාන ගලක් කියලා. නමුත් දැන් බලපුවාම නිල් මැණිකක්නේ...? අපරාදෙ කුණුගොඩට දාලා තිබුණේ...
රුසියාවෙන් උදව් ගනී කියලා බයට තමයි දැන් අමෙරිකාව උදව් දෙන්න ලෑස්ති වෙන්නේ. හැබැයි, ඇමෙරිකාව අතගහපු එක රටක් ගොඩ ආවේ නෑ. රුසියාවෙන් මොනතරම් උදව් තියෙනවාද? අපිට තියෙන ලොකුම ගැටළුව තෙල් සහ ගෑස්. කාලකණ්ණි කුමන්ත්‍රණකාරයින් නිසා, අඩුවට දෙන තෙල් ටිකවත් ගන්න බෑ.
පාර්ලිමේන්තුවට සැලස්මක් නැත.
ජෝ බයින්ඩන් ජනාධිපති තුමණි ලංකාවෙ පාලකයින්ට අත දෙන්න ඕන නැහැ පුළුවන් නම් ආර්ථිකය කළමනාකරණය කරන්න ඕන කොහොමද කියලා කියා දෙන්න. මොකද කිසිම ආදායමක් නැතුව කුලුනු හැදුවා පොකුණු හැදුවා පිට්ටනි හැදුවා පොහොර නැතුව වවන්න කිව්වා. මේනිසා රටම ප්‍රපාතයකට වැටුනා. මේ රටේ එකෙක් මෝඩ වැඩක් කරන්න සැලසුම් ඉදිරිපත් කලාම සාමුහිකත්වය කඩන්න බැහැ කියලා ආණ්ඩුවෙ හැම එකාම එහෙයි කිව්වා. ලංකාව මෙහෙම මෝඩ මොළ නැමැති කුණු වලින් වැහිලා තියෙන නිල් මැණිකක් වෙලා තියෙද්දි එම කුණු ඉවත් කර මැණික පාදා නොගෙන 2009 යුද්ධය අවසානයේ සිට අනවශ්‍ය දේවල් කලා ඒවායේ විපාක අපි විදිනවා ඒ නිසා ඔබතුමා කොහොම හරි මේ පාලකයො ඔක්කොගෙම ( පාර්ලිමේන්තුවේ 225 ජනාධිපති සහ ඉහළම නිළධාරින් සියලු දෙනාගේ) මොළ හදල තීරණ ගගතයුතු ආකාරය කියලා දෙන්න.
අතක් දීල වැඩක් නැහැ. තෙල්, ගෑස්, බෙහෙත් ගන්න ඩොලර් කෝයක් දෙකක් දෙදෙ.
තව ටික දවසකින් ජෝබයිඩ්න් මහතා කියයි එයා ඔයා කියන ප්‍රකාශ කරේ නැතිබවත් රනිල් ප්‍රකාශකරන්නෙ මනකල්පිත අදහසක් විතරම බවත්ය.