
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ටී.සෙන්හොන්ග් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.
ඔහු එම කාරණය දැනුම් දුන්නේ ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.
මේ අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර තුනක් දක්වා වැඩි කෙරෙනු ඇත.
චීන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් සහ ලබාදීමට අපේක්ෂිත ආර්ථික සහ මානුෂීය ආධාර සම්බන්ධයෙන් තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුවත් කළේය.
චීනයේ අධ්‍යාපන හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමටද පියවර ගෙන ඇතැයි තානාපතිවරයා පැවසුවේය.
ද්විපාර්ෂික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
චීන ජනාධිපති සී ජින් පින් මහතා ඒවා තිබූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා විසින් ජනාධිපතිවරයාට බාර දෙනු ලැබීය.
රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට මිත්‍ර රටක් ලෙස චීනය ලබා දෙන සහාය අගය කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.
මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ වැඩ කරන ශ්‍රී ලාංකිකයින් ස්වල්ප දෙනෙක් ඉන්නවා. දැනට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් චීනයට යන්න වීසා ලබාදෙන්නේ නෑ. කරුණාකර එම වීසා පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. තවද ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය කේතය ලබාදෙන්න. එසේ නැතුව ගුවන් යානා ගාන වැඩිකළාට ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. චීන ජාතිකයින්ට පමණයි යන්න එන්න ලැබෙන්නේ..
ගුවන් යානා කීයක් දැම්මත්, චීන ජාතිකයින් ලංකාවට එනවා මිස, ලංකාවෙන් චීනෙට ගෙන්වා ගත්තොත් ඉතින්, චීනෙත් විනාශයි. අනික චීනෙන් ණයට ලංකාවට මුදල් කොතරම් කියලා දීලා ඉවර කරන්නද? කම්බා හොරු. පුළුවන් නම් මෙරට අමන පාලකයින්ට රටක් පාලනය කරන හැටි කියාදෙන්න. හොරකම් කිරීම හැර වෙනත් දැනුමක් මොවුන්ට නැහැ. මොනවා වුණත් අපිට කාබනික වගා කරන්න චීන අසුචි එවන එකනම් නවත්වන්න එපා. ඉදිරි අනාගතයේදීම ලංකාවේ අයට කන්න නැති නිසා, මෙහි දමන පොහොර ප්‍රමාණයත් අඩුවීම නිසා අසුචි පොහොර අර්බුදයකුත් ඒවි... !!