(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ.
ලාහෝර්හිදී අද පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 2 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් පාකිස්තනය සහ ඉන්දියාව ද, ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බග්ලාදේශය ද, ‘සුපිරි හතර’ වටයේ තරග කරන අතර එම වටයේ පළමු තරගය පාකිස්තනය සහ බංග්ලාදේශය අතර හෙට (6) ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලු 8 ට 291
(පැතුම් නිස්සංක 41, දිමුත් කරුණාරත්න 32, කුසල් මෙන්ඩිස් 92, චරිත් අසලංක 36, දුනිත් වෙල්ලාලගේ නොදැවී 33, මහිෂ් තීක්ෂණ 28, ගුල්බඩීන් නයිබ් 60/4)
ඇෆගනිස්තානු පිල ඕවර 37.4 කදී කඩුලු සියලු දෙනා දැවී 289
(ගුල්බඩීන් නයිබ් 22, රමාට් ෂා 45, මොහොමඩ් නබී 65, කරීම් ජනාට් 22, නජිබුල්ලා ශද්‍රාන් 27, රෂීඩ් ඛාන් නොදැවී 27, කසුන් රාජිත 79/4, දුලිත් වෙල්ලාලගේ 36/2, ධනංජය ද සිල්වා 12/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තියුණු ජයක්ද? උඩ දාගෙන නෙළුවා අපිට...!
ඇෆ්ගන් කාරයො ඔහොම පරාද කරල මොනව කරන්නද? කිසිදු විශ්වාසයක් ඇතිව ක්‍රීඩා කරන කණ්ඩායමක් නොවෙන බව පේනව. දිනුවොත් දිනන්නෙ වාසනාවට හෝ අනිත් පිලේ නොහැකියාව මත මිස තමන්ගෙ දක්ෂතාවයට නෙවෙයි.
අපේ අය අනාථ වෙලා හිටියේ, ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ වෙලාවට ගේම් එක අනිත් පැත්ත ගැහැව්වේ.
මොව පිස්සුද? ඇෆ්ගන් කාරයින් ගණිත සාස්තරේ සහ ක්‍රිකට් නීති හරියට දැනගෙන හිටියා නම් අපි ගෙදර.
දසුන් තමයි හොඳටම කළේ.
අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කළේ නැතිනම් ආසියානු කුසලානය විතරක් නෙවෙයි ලෝක කුසලාන තරගයෙනුත් එළියට විසිවෙයි වේලාසනින්ම... අපි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි. බොරුවට අපේ කොල්ලන්ට ජයවේවා කියලා හුරේ දාන්නේ නැතිව. අපිට ලකුණු 300ට වඩා හඹා යෑමේ හැකියාව සහ ලකුණු 300ට වඩා ලබාගැනීමේ හැකියාව ස්ථාවරව තිබිය යුතුයි.
පීඩනයක් ඇති අවස්ථාවේ පිති හරඹයේ යෙදිය යුතු ආකාරය ගැන වෙල්ලාලගේ සහ තීක්ෂණගේ පිති හරඹය දිහා බලලාවත් දසුන් ඉගෙන ගන්න ඕනේ...