IMG-LOGO

ශ්‍රී ලංකාව ‘සුපිරි හතර’ වටයට එයි

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ.
ලාහෝර්හිදී අද පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 2 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.
ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් පාකිස්තනය සහ ඉන්දියාව ද, ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බග්ලාදේශය ද, ‘සුපිරි හතර’ වටයේ තරග කරන අතර එම වටයේ පළමු තරගය පාකිස්තනය සහ බංග්ලාදේශය අතර හෙට (6) ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.  
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලු 8 ට 291
(පැතුම් නිස්සංක 41, දිමුත් කරුණාරත්න 32, කුසල් මෙන්ඩිස් 92, චරිත් අසලංක 36, දුනිත් වෙල්ලාලගේ නොදැවී 33, මහිෂ් තීක්ෂණ 28, ගුල්බඩීන් නයිබ් 60/4)
ඇෆගනිස්තානු පිල ඕවර 37.4 කදී කඩුලු සියලු දෙනා දැවී 289
(ගුල්බඩීන් නයිබ් 22, රමාට් ෂා 45, මොහොමඩ් නබී 65, කරීම් ජනාට් 22, නජිබුල්ලා ශද්‍රාන්  27, රෂීඩ් ඛාන් නොදැවී 27, කසුන් රාජිත 79/4, දුලිත් වෙල්ලාලගේ 36/2, ධනංජය ද සිල්වා 12/2)



අදහස් (8)

ශ්‍රී ලංකාව ‘සුපිරි හතර’ වටයට එයි

randil dunuwille Wednesday, 06 September 2023 11:19 AM

මොන තියුණු ජයක්ද? උඩ දාගෙන නෙළුවා අපිට...!

:       7       14

සෙනෙවිරත්න Wednesday, 06 September 2023 12:00 PM

ඇෆ්ගන් කාරයො ඔහොම පරාද කරල මොනව කරන්නද? කිසිදු විශ්වාසයක් ඇතිව ක්‍රීඩා කරන කණ්ඩායමක් නොවෙන බව පේනව. දිනුවොත් දිනන්නෙ වාසනාවට හෝ අනිත් පිලේ නොහැකියාව මත මිස තමන්ගෙ දක්ෂතාවයට නෙවෙයි.

:       3       16

randil dunuwilleWednesday, 06 September 2023 12:35 PM

ඇත්තටම ඇත්ත කතාව ලක් එකට දිනුවේ...!

:       1       13

wimal Wednesday, 06 September 2023 12:27 PM

අපේ අය අනාථ වෙලා හිටියේ, ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ වෙලාවට ගේම් එක අනිත් පැත්ත ගැහැව්වේ.

:       1       7

sarath Wednesday, 06 September 2023 12:28 PM

මොව පිස්සුද? ඇෆ්ගන් කාරයින් ගණිත සාස්තරේ සහ ක්‍රිකට් නීති හරියට දැනගෙන හිටියා නම් අපි ගෙදර.

:       1       13

fairoos Wednesday, 06 September 2023 12:29 PM

දසුන් තමයි හොඳටම කළේ.

:       1       7

Bunny Preena Wednesday, 06 September 2023 12:31 PM

අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කළේ නැතිනම් ආසියානු කුසලානය විතරක් නෙවෙයි ලෝක කුසලාන තරගයෙනුත් එළියට විසිවෙයි වේලාසනින්ම... අපි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි. බොරුවට අපේ කොල්ලන්ට ජයවේවා කියලා හුරේ දාන්නේ නැතිව. අපිට ලකුණු 300ට වඩා හඹා යෑමේ හැකියාව සහ ලකුණු 300ට වඩා ලබාගැනීමේ හැකියාව ස්ථාවරව තිබිය යුතුයි.

:       1       15

de silva Wednesday, 06 September 2023 06:12 PM

පීඩනයක් ඇති අවස්ථාවේ පිති හරඹයේ යෙදිය යුතු ආකාරය ගැන වෙල්ලාලගේ සහ තීක්ෂණගේ පිති හරඹය දිහා බලලාවත් දසුන් ඉගෙන ගන්න ඕනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site