(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණු රටක් බවට පත් වන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමෙන් වංචාවට දූෂණය නැති රටක් බවට ශ්‍රී ලංකාව ඒ සමඟ පරිවර්තනය වන බවද ඔහු සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවට ජී එස් පී බදු සහනය තවත් වසර හතරකට ලැබී තිබෙනවා.
ඒක ලොකු ජයග්‍රහණයක්. රටේ ආර්ථික ස්ථාවරතාවය ගැන ජාත්‍යන්තර විශ්වාසය තහවුරුවී තිබෙනවා. ඉතිහාසයේ ඇති වූ තත්වය යළි ඇති නොවීමට නීති රාමුව ස්ථාපිත කරනවා.
ඊ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වීම ගැන කිසිම සැකයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු සපුරාලීමට වාතාවරණය සැකසී තිබෙනවා. ජාත්‍යන්තරයේ විශ්වාසයආයෝජන ප්‍රවර්ධනයට සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට යොදා ගත යුතුයි. අපි අද නිවැරදි ගමන් මඟක යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තම් ඔයිට වඩා හොද Parliament Jokes අහල තියනව.
රට බංකොලොත් කරල ඉවරයි. තෙල් ගෑස් තිබ්බා කියලා රට හොදින් තියෙනවා කියල තමයි මෙයාලගේ ඔලුවේ තියෙන්නෙ. දුක් විදින මිනිහ හැමදාම දුකින්. රටේ සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් බඩගින්නේ. මෙයාලා පුරාජේරු කතා කියනවා
එතකොට මාලු කිලොව රුපියල් කීයකට විතර ගන්න පුලුවන් වෙයිද ? ළින්න කිලොව රු. 400.00 ට විතර ?
රටේ ආදායමට වඩා දෙගූණයක් වියදම් කරන, දස ගුණයක් ණය තියෙන ණය ගෙවන්න ණය ගන්න රටක් කොහොමද බංකොලොත් නොවෙයි කියන්නේ, මෙයා හදන්නේ වචන වලින් ගේම ගහන්නයි.
ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ සිට විදේශීය ණය ,පොලි,බැඳුම්කර අපහු ගෙවන්න පටන් ගන්නවද ? නැත්නම් බංකොලොත් කියන්නේ ණය ගෙවන්නැ බැහැ කියන එකට නෙමෙයි ද ?
ළමයින්ට සුරංගනා කතා කියන්න නම් මෙයා මරු.
ඔලුව ගලක වැදිලා වගේ .කන්නේ මොනවද දන්නේ නැහැ
ඒ කියන්නෙ සැප්තැම්බර් පාර්ලිමේන්තුව ගිලා බහිනවද?
ඔව්.ලෝකෙට ණය වෙලා ඒක ගෙවන්න දැන් බෑ කියලා අපිට දැන් කියවනවා .අපි බංකොලොත් නෑ කියලා.මොන විහිලුවක්ද?
ඇඟේ ගාණට මොලේ නැති අය ගොඩක් ඉන්නවා ලංකාවේ.
මේ බූරුවෝ කියන කතා කවුරුත් සත පහකට ගණන් ගන්නේ නැහැ