IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකාව දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජයගනී

(යොහාන් භාසුර)

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල ඕවර 17 කදී ලකුණු 115 කට සීමාවිය.

ඇන්ජලෝ මැතිව්ස් සහ බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගනිස්තාන් ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් දවාගැනීමෙන් ජයග්‍රහණය පහසු විය.

ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දැක්වමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187 (පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 23, ධනංජය ද සිල්වා 14, සදීර සමරවික්‍රම 51, වනිඳු හසරංග 22, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, අස්මතුල්ලා ඔමල්ෂායි 40/2, මොහොමඩ් නබී 25/2) ඇෆ්ගනිස්තාන් පිල ඕවර 17 කදී සියලු දෙනා දැවී 115 (මොහොමඩ් නබී 27, කරීම් ජනට් 28, ඇන්ජලෝ මැතිව්ස් 9/2, බිනුර ප්‍රනාන්දු 18/2, වනිඳු හසරංග 19/2, මතීෂ පතිරණ 22/2)

 



අදහස් (0)

ශ්‍රී ලංකාව දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site