IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව තුළ AMW - Castrol ක්‍රමෝපායික සහයෝගිතාව අඛණ්ඩව ඉදිරියට

ලෝක ප්‍රකට මෝටර් රථ සන්නාමයක් වන Audi සහ ලිහිසි තෙල් සන්නාමයක් වන Castrol අතර අඛණ්ඩවම පවත්වාගෙන යන ගෝලීය ක්‍රමෝපායික සහයෝගීතාව ශ්‍රී ලාංකික වෙළඳපොළ සඳහාද එලෙසම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා Castrol ශ්‍රී ලංකා නියෝජිතAMW සමාගම සහ Audi ශ්‍රී ලංකා නියෝජිත Drive One පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුම් අලුත් කිරීම පසුගියදා නිල වශයෙන් සිදු කෙරිණි.

ජාත්‍යන්තර මෝටර රථ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැවැන්තම සන්නාම දෙකක් වනAudi සහ Castrol අතර මෙම ක්‍රමෝපායික සහයෝගීතාව 2008 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර සමාගම් දෙකෙහිම ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන ප්‍රයත්න හරහා Audi එන්ජින් තාක්ෂණයට පරිපූර්ණ වශයෙන් ගැළපෙන ලිහිසි තෙල් නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වී ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාදාමය හරහා ඉන්ධන කාර්යක්ෂමතාව විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකිවීම හා ඉන්ධන, එන්ජින් ඔයිල් ආදිය හරහා වන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට හැකි වීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකාව තුළ Audi සහ Castrol සහයෝගීතාව පසුගිය වසර 14 ක කාලය පුරාවට අඛණ්ඩවම පැවතුණු අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට සිය රථය නිර්දේශිත ලිහිසි තෙල් පමණක් භාවිත කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නඩත්තු කිරීමට අවස්ථාව හිමි විය.

Castrol ලිහිසි තෙල් Audi සමාගම විසින් සිය මෝටර් රථ සඳහා හොඳම ලිහිසි තෙල් සන්නාමය ලෙසින් නිල වශයෙන් නිර්දේශ කර ඇති නිසා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට Audi - Castrol සහයෝගීතාව හරහා හිමිවන ප්‍රතිලාභ බොහෝමයකි. විශේෂයෙන්ම Castrol විසින් Audi මෝටර් රථ හිමියන් හට ප්‍රමුඛතාවය ලබා දෙන නිසා පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ ලිහිසි තෙල් තොග සීමිත තත්ත්වයක් ඇති වුවද එයින් ඔවුනට බලපෑමක් සිදු නොවනු ඇත.

එමෙන්ම මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස Audi මෝටර් රථ හිමියන්ට ඉහළම සේවාවක් සැපයීම සඳහා Castrol විසින් අති නවීන Lubricant Dispensing පද්ධතියක් වත්තල පිහිටි Drive One සේවා මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇත.

Castrol - Audi සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව AMW සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ පීටර් මැකෙන්සි, BP Castrol ලිහිසි තෙල් අංශයේ ප්‍රධානී චරිත් පණ්ඩිතරත්න ඇතුළු පිරිසක් සහDrive One සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ හිරාන් ද සිල්වා, අධ්‍යක්ෂ නිමන්ත හතරසිංහ යන මහත්වරු සහභාගි වූහ.

595



අදහස් (0)

ශ්‍රී ලංකාව තුළ AMW - Castrol ක්‍රමෝපායික සහයෝගිතාව අඛණ්ඩව ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site