(විමුක්ති එස් රුද්‍රිගූ)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා නව වේදිකාවක් ජපානය, ඉන්දියාවේ සහ ප්‍රංශයේ සහයෝගිත්වය ඇතිව ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයට පත් කරන ලදි.
මේ යටතේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.
චීනය ඇතුළු ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ට මෙයට සම්බන්ධ වන ලෙස දැනටමත් ආරාධනා කර ඇති බවත් පළමු වටයේ සාකච්ඡාව හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ජපානය ප්‍රකාශ කර තිබේ.
වොෂින්ටන් හි දී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව මෙම මාධ්‍ය හමුව ඊයේ(13) පැවැත්විණ.
මෙම මාධ්‍ය හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සියලුම ණය හිමියන් සහ අනෙකුත් පාර්ෂව කරුවන් සමග විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට කැපවී සිටින බවයි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවේ ණය හිමියන් අතර සාකච්ඡා වට කිහිපයක්