(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ජාතික සන්නාමයක් බවට පත් කිරීම සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සඳහන් කරයි.
ලොව බොහෝ රටවල් දියුණුව කරා ගමන් ඇතතේ ජාතික සන්නාමකරණය තුළින් බවද ඉකුත්දා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා පැවසීය.
දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්තිය ප්‍රකාශනයන් තුළ ජාතික සන්නාමකරණය සඳහා ප්‍රමුඛතාවයන් ලබාදිය යුතු බවද ඒ සඳහා අලෙවිකරණ ආයතනයනායකත්වය ලබාදීමට සූදානම් බවද සභාපතිවරයා කීය.
ජාතික සන්නාමකරණය අගයනු ලබන බ්‍රදඩ් ෆයිනෑන් දර්ශකයේ ලොව සියලු රටවල් අතරින් 68 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට 74 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙන බවද එය ඉහළ නංවා ගැනීම අත්‍යාවශ්‍ය බවද නුවන ගමගේ මහතා පැවසීය.
ඩොමිනිකන් ජනරජයට , භූතානය වැනි රටවල් ජාතික සන්නාමකරණය තුළින් ඉතා කෙටි කාලයකින් මහැගි ප්‍රතිඵල අත්කරගත් බවද ඔහු කීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ජාතික සන්නාමකරණය ව්‍යාපෘතියේ සභාපතිනි කවී රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ මේ අවස්ථාවේ රට මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට සුදුසුම දිගු කාලීන විසඳුම ජාතික සන්නාමකරණය බවයි.
ශ්‍රී ලංකාව වැනි වටිනාකම් රැසක් තියන රටකට දියුණු රටක තත්වයට පත්වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවද කවී රාජපක්ෂ මහත්මිය කීවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකාව ජාතික සන්නාමයක් කරන්න ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සැරසෙයි
chandima Wednesday, 05 October 2022 09:57 PM
රට බංකොලොත් වෙලත් මාස පහ හයක් වෙනවා .දැන් ද සැරසෙන්නේ ?
de silva Saturday, 08 October 2022 10:51 PM
මේකේ අලෙවි කරන්න දෙයක් නැහැ. දේශපාලකයෝ වටිනා කියන සියලුම දේවල් තුට්ටු දෙකට අලෙවි කරලා කොමිස් ගහගෙන ඉවරවෙලා ගොඩක් කල්.