
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ඒ පිළිබඳව සළකා බලමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා චීනය තව දුරටත් ශ්‍රී ලංකාවට සියලුම අංශවලින් සහයෝගය දක්වන ප්‍රමුඛයා බවට ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාවට අනුව ද චීනය අඛණ්ඩව මූල්‍යමය සහ සෙසු සියලුම අංශවලින් සහයෝගය දක්මින් ප්‍රමුඛයා යැයි තව දුරටත් පත්ව සිටින බව ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කීය.
කොළඹදී අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd