(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900 ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර නිකුත් කළ බවත් ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.