(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 80 ක් රැස්කර සිටියේය.
ආරම්භ පිතිකරුවන් වන නිශාන් මධුෂ්ක (නොදැවී 36) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 42) පන්දුවට පහර දෙමින් සිටියහ.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල ලකුණු 198 කට සීමා කිරීමට සමත් වූහ.
වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත්තේය.
රහමට් ෂා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කදී හතරේ පහර 13 ක් සමගින් 91 ක් ගස්කර දැවී ගියේය.
ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළේය.
දකුණතින් වේග පන්දු යවන 24 හැවිරිදි චාමික ගුණසේකර මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් අතර චාමික ගුණසේකර, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 165 වැනි ක්‍රීඩකයා බවට පත්විය.
හෙට (3) තරගයේ දෙවැනි දිනයයි.
ඇෆ්ගනිස්තානු පිල පළමු ඉනිම ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 198
(නූර් අලී ශද්‍රාන් 31, රහමට් ෂා 91, හෂ්මතුල්ලා ශහිදි 17, ඉක්‍රම් අලිකිල් 21, කුයිස් අහමඩ් 21, අසිත ප්‍රනාන්දු 24/3, විශ්ව ප්‍රනාන්දු 51/4, ප්‍රභාත් ජයසූරිය 67/3)
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 14 කදී කිසිවකු නොදැවී 80
(නිශාන් මධුෂ්ක නොදැවී 36, දිමුත් කරුණාරත්න නොදැවී 42)
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී 80යි