IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර අර්බුද ඩබ්ලිව්.එෆ්.පී පෙන්වයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි  ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.

එසේම පෝෂ්‍යදායි ආහාර සහ එළවළු මිල, ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ මිලට වඩා දෙගුණයක සිට පස් ගුණය දක්වා වැඩි වී එම වාර්තාවේ සඳහන් වේ.

ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජපානය, නවසීලන්තය යන රටවල රජයන් සහ එක්සත් ජාතීන්ගේ හදිසි ප්‍රතිචාර අරමුදල,පුද්ගලික අංශයේ හවුල්කරුවන්, බහුජාතික පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 20.74 මුදලක් ලෝක ආහාර වැඩසටහනට පරිත්‍යාග කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

නමුත් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට ජූලි සිට දෙසැම්බර් දක්වා සහාය වීම සඳහා ඇමෙරිකා  ඩොලර් මිලියන 63 ක මුදලක් ලෝක ආහාර වැඩසටහනට අවශ්‍යව ඇති බවත් ඒ අනුව තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.3 ක හිඟයක් පවතින බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.

ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩවල මිල ජනතාවට බරක් වීම හේතුවෙන් ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර ද්‍රව්‍ය,පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන් පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙළඳසැල් වෙත ගමන් කරන වාර ගණන වැඩි වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය ඉදිරි මාස 12 සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීම හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා පෙට්‍රල් ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියාවක් සොයා ගැනීමට හෝ රැකියාවට යාමට ඇති හැකියාව අවම කර ඇති අතර එය පාසැල් මෙන්ම රාජ්‍ය සේවයද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට බාධා එල්ල කර ඇති බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

තවමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3 කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලාංකිකයන් මිලියන 6.7 ක් පිළිගත හැකි ආහාර වේලක් නොගන්නා බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර අර්බුද ඩබ්ලිව්.එෆ්.පී පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site