(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.
එසේම ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවද පීටර් බෲවර් මහතා පැවැසුවේය.එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය අදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එන පොට හොඳ නෑ. ආර්ථිකය ස්ථාවර කරන්න තවතවත් බදු පැනවීම් සිදු කරන්න වෙනවා...!
ලංකාව කියන්නේ හොර කල්ලියක් විසින් ජනතාව ග්‍රහණයට ගෙන පාලනය කරන රටක් බව මොවුන් දන්නේ නැද්ද..? ජනතාවට ඔරොත්තු නොදෙන බඩු මිල හා බදු ගැන මේ දූත මණ්ඩලයට අවබෝධයක් නැද්ද..? ඔය කියන මහත්තුරුන්ගේ රටවල් වලත් ජනතාවගේ බෙල්ල මිරිකලා බදු අයකරගෙනද ආර්ථිකය නගා හිටුවන්නේ..? රටේ ජනතාව හිඟන්නෝ කරලා රටේ පාලකයෝ කෙරුමෝ වගේ හැසිරෙන එකටද සංවර්ධනය කියන්නේ.? මේ රටේ අමන පාලකයින්ට අවශ්‍ය වී තිබෙන්නේ, ජනතාව හිඟන්නෝ කර ඔවුන් වැජඹීම පමණයි... හැබැයි මේ මොනවා කීවත් මේ රටේ එවුනුත් හිතාගෙන ඉන්නේ ලෝකෙට ලොක්කෝ කියලානේ... ඒ නිසා මොවුන්ව කිරි හොද්දට බස්සන එකත් වැරදීම නැහැ...."කන්න නැතත් ඉන්න රටක්" ඉල්ලපු මෝඩ උද්දච්ඡයෝ ඉන්න රටක්නේ මේක..
පොඩ්ඩක් ඉන්න හලෝ. තාම පටන් ගත්තා විතරයිනේ... 2048ට තව ගොඩක් කල් තියෙනවානේ !!! අපි ආර්ථිකය ද්වීතියික මට්ටමට පත් කිරීමේ ක්‍රියාවලියට අත ගහන්නේ ලක්ෂ 100ක ජනවරමෙන් පස්සේ !!! හැබෑට ඒක තේරෙන්නේ නැද්ද ඔය ටිකිරි මොලේට?
ඔයාලා අන්ද අන්ද අපිට තමයි කරදරේ... රනිල් මොනවා හරි ටැක්ස් එකක් ගහයි.
කිසිම මට්ටමක නැති ආර්ථිකයට කියන්නේ ප්‍රාථමික ආර්ථිකයක් කියලද? දන්නේ නැති හින්දයි අහන්නේ... !
ඕක හින්දා තමයි කබ්රාල් උන්නැහේ ඔය IMF එකට යන්න එපා කිව්වේ...!
මසකට USD 10000 ට වැඩි වැටුපක් ලබන සහ වෙනත් මූල්‍ය වරප්‍රසාද ලබන IMF නියෝජිතයෙක් හිගන රටක හිගන්නන්ගෙන් වැඩි වැඩියෙන් බදු අයකරන ලෙස රජයට යෝජනා කරයි. මෙහි කිසිදු සාධාරනයක් නැතිබව මේ මොලවලට තේරෙන්නෙ නැතිද?