
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආගමන විගමන පද්ධිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ විශේෂඥයන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.
සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කරගැනීම සහ දියුණු තාක්ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණ වන අතර ආගමන විගමන, වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙය හොඳ අවස්ථාවක් වී තිබේ.
ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා එම කණණ්ඩායමෙන්ඉල්ලීමක් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම කණ්ඩායම සතියක කාලයක් සඳහා මෙරටට පැමිණ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මුල් පූටු වල ඉන්නේ හොරුන් අපරාධකරුවන් හෝ දූෂිතයන් ලෙස චෝදනා ලැබුවන්ය. එකෙක් මහ බැංකු වංචාවට හවුල්ය, තවත් එකෙක් සූනාමි ආධාර ගසා කෑ එකෙකි. තවත් එකෙක් කප්පං කාරයෙකි.ඒ නිසා මෙවැනි අපරාධකරුවන් මුල්වෙලා කරන සංවර්ධන ව්‍යාපෘති හො වෙනයම් කාර්ය්‍යයක් වුවද අවංකව හා රටට හිතකර ආකාරයෙන් කෙරුනු ඇත්දැයි සැක සහිතය. එබැවින් ජනතාවගේ වරමින් නව රජයක් පැමිණ රටේ සංවර්ධනයට හා අනෙක් කාර්ය්‍යන්ට මුල පුරන තෙක් ජනවරමක් නැතුව දැනට ව්‍යවස්ථා ගැට මගින් බලය ඩැහැගෙන සිටින කල්ලි වලට මෙවැනි භාරදුර්ය්‍ය කාර්ය්‍යන්ට මුල පුරන්න ඉඩ නොදිය යුතුය.
එතකොට අර VFSලා අකුල් ගිහින්ද නැත්නං තවත් අටමරාලයක්ද??
සිංගප්පූරුවේ වැඩ කරන්නෙත් ලංකාවේ ඉන්දියාවේ බංග්ලාදේශයේ එවුන් තමයි.
පගා ගුවාව
මොන සිස්ටම් ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ .ස්ථානවල වැඩ කරන්නේ හොරුයි,තක්කඩියොයි ,දූෂිතයිනුයි නම්