
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (14) සමත් වූහ.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබු 11 වැනි අවස්ථාව මෙය වේ.
‘සුපිරි හතර’ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 2 කින් (ඩක්වත් සහ ලුවිස් න්‍යායට) පාකිස්තානය පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 252 ක ඉලක්කය ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිලට අවසන් ඕවරයේදී ලකුණු 8 ක් රැස් කිරීමට සිදු වූ අතර චරිත් අසලංක අවසන් පන්දුවට අවශ්‍ය වූ ලකුණු දෙක රැස් කිරීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවිය.
කුසල් මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 87 කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 91 ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය (17) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
පාකිස්තානු පිල ඕවර 42 කදී කඩුලු 7 ට 252 (අබ්දුල්ලා ශාෆික් 52, බාබර් අසාම් 29, මොහොමඩ් රිස්වාන් නොදැවී 86, ඉෆ්තිකාර් අහමඩ් 47, ප්‍රමෝත් මධුෂාන් 58/2, මතීෂ පතිරණ 65/3) ශ්‍රී ලංකා පිල ඕවර 42 කදී කඩුලු 8 ට 252 (පැතුම් නිස්සංක 29, කුසල් පෙරේරා 17, කුසල් මෙන්ඩිස් 91, සධීර සමරවික්‍රම 48, චරිත් අසලංක නොදැවී 49, ශාහින් ෂා අෆ්රිඩි 52/2, ඉෆ්තිකාර් අහමඩ් 50/3)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාව අවසන් මහා තරගයට
Bunny Preena Friday, 15 September 2023 09:29 AM
සුභ පැතුම්. ක්‍රීඩාලෝලීන්ටත් අන්ද මන්ද කල දෙපැත්තටම දොලනය වු විශිශ්ට ක්‍රීඩා විලාසයක් කන්ඩායම් දෙකෙන්ම පෙන්නුම් කලා. අති දක්ශ කන්ඩායම් දෙකක් තරංග වදිනකොට දකින්ට තිබෙන ලක්ශනයක් තමයි එක. ඇති විශිශ්ටයා ජය ගත්ත. සුලු සුලු අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු.