(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ සියයට 3 කින් හැකිලෙනු ඇතැයි  ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

නමුත් ලබන වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5 කින් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව එම මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන කරුණු 5 ක් මත ගොඩනැගී ඇති බවත් ශ්‍රී ලංකාව ඉදිරියටත් අඛන්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය.