ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බස් ගනුදෙනුවේ දී සිදු වූවැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙලෙස උපදෙස් ලබාදී ඇති බව නීතිපති සම්බන්ධීකාරක නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල චන්ද්‍රසේනව යලිත් ශ්‍රී ලංකන් හිටපු විධායක ලෙස යලි පත් කලේ දින 56 රජයේ අගමැතිගේ පුතා නාමල් ගේ නියමයෙන් නොවේද?
හොරු අල්ලන්න කියලා අපි ගෙනාව යහපාලන ආණ්ඩුවට මේවා හොයාගන්න බැරි වුණාද? මේ කාලේ සභාපති වෙලා හිටපු අපේ වත්මන් අගමැති ආර්යාවගේ සහෝදරයා මේවට වග කියන්න ඕන නැතිද?
මේ හුටපටේට මේ දෙදෙනාට අමතරව වෙනත් බලවතුන්ද හවුල් බවට අන්තර් ජාලයේ පළවූ විස්තරයක සඳහන්ව තියෙනවා. එය මෙසේයි. "මේ තොරතුරු අනාවරණය වූයේ ඒ ගැන එයාර් බස් සමාගමට එරෙහිව බ්‍රිතාන්‍යයේ අධිකරණයක් හමුවේ නඩු පැවරීමෙන් අනතුරුවය. 2013.3.29 වැනිදා මෙසේ එයාර් බස් A300 යානා 6ක් සහ A350 යානා 4ක් මිලදී ගැනීමටත් තවත් ගුවන් යානා 4ක් බදු පදනම මත ලබාගැනීමටත් ගිවිසුම් අත්සන් කර තිබුණු අතර 2015දී බලයට පැමිණි රජය විසින් එම ගිවිසුම අහෝසි කරන ලදී. කෙසේවෙතත් රුපියල් කෝටි 30කට අධික මෙම සම්පූර්ණ මුදල කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ විසින් පමණක් ලබාගත්තක් නොව, ඊට එහා යන හවුල්කරුවන් ගණනාවක් එකතු වී ලබාගත්තක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යමින් තිබේ. කපිල චන්ද්‍රසේන මහතා සම්පූර්ණ සිද්ධිය හෙළි කළහොත් තවත් ප්‍රබලයින් කිහිප දෙනෙකුම අමාරුවේ වැටීමට ඉඩ ඇති බවයි කියන්නේ. එසේම මෙය ආණ්ඩුව තුළ අභ්‍යන්තර අර්බුද උත්සන්න කෙරෙන සිදුවීමක් වීමට ද බොහෝසෙයින් ඉඩ තිබෙන බවද කියනු ඇසෙයි." උපුටාගැනීම අවසන්.
මහ බැංකු මහා හොරු අල්ලන්නේ කවදද ?
කවුද කියන එක අදාළම නෑ. නීතිය නම් නීතිය වගේ. ඔබතුමාගෙ ඔය කොන්ද කෙලින් ගතිය ඉස්සරහට එන්න ඉන්න අයටත් ලොකු හයියක්. ඔබතුමා තනියම සටන් පෙරමුණු ගණනාවක සටන් කරන හින්දා කවුරුත් ඔබතුමා එක්ක තරහ ඇති. ඒ හින්දා පරිසමෙන්.
ගෝඨාභය මැතිතුමනි, රටේ දුෂණ පිටු දකින්න අපි මෙතනින් පටන් ගමු. නෑකම් නොබලා නීතිය ඉටු කරමු. දුෂණයෙන් තොර රටක් හදමු.
තවත් නාටක එපා අනේ. දැන් ඇති. අපි එකතුවෙලා හදමු අපේ රට. අමතක කරලමු පැරණි කතා........... එක්වමු ජාතියේ දියුණ පතා. මිදෙමු අපි දේශපාලන වහල් බවන් ඉටුකරමු අපේ යුතුකම් රට වෙනුවන්.
මේක අහඹු සිදුවීමක් වෙන්න බෑ.. තව හොරු පෝලිමක් පස්සේ ඉන්න ඕනෑ. මෙවර නීතිපතිතුමාගේ ඉරෙන දැලට තෝරු මෝරු කිහිප දෙනෙක්වත් අසුවේවා....!
හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට...
මේක බොරු රඟපෑමක් විතරයි, හැමදාම විරුද්ධ පක්ෂයේ... අත්අඩංගුවට ගන්න බැහැනේ මේ නඩු අහන්නේ මහින්ද රජ්ජුරුවෝ, අයියගේ පාලනයේදී සුනාමි මල්ලිට කොරෝනා... මේ දේවසාප දෙවියන් රවටනවට හරියට... නඩු ඇහුවා නම් මේ සේරටම රට කරපු එල්ලුම් ගහ නියම වෙන්න ඕනෑ පවුලේ අයත් සමග...
මහපරිමාණයේ තක්කඩි, හොර, දූෂිත පවුල් පාලනේ අයට,.. දූෂිත දේශපාලුවන්ට මේ නීති කිසිවක් වලංගු නැතුවා...
අපි මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ සෙට් එකට සහාය දක්වලා හොරු එළවමු.
යහපාලනයට විතරක් දොස්කියලා වැඩක් නැත. රාජපක්ෂ කල්ලියම මේවට හවුල් ජනාධිපතිතුමනි, ඉක්මණට මේවාට විසඳුම් හොයන්න. ඔබතුමා කොතරම් අවංක වුණත් කුරහන් සාටක පළඳින කට්ටිය අවංක නැහැ..
කපිල කියලා කියන්නේ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටිය හොර දෙටුවෙකුත් හිටියනේ..
මේවා නාට්‍යයක් පමණි...
ඇතුළට ගනීවි. චෝදනා පත්‍ර දේවි. පසුව චෝදනා පත්‍රවල අඩුපාඩු කියලා හෝදලා එළියට දාවි. මේ ඒ නාටකයේ ආරම්භයද? නීතිපතිතුමනි, දැන්වත් හරියට කරන්න.
නිව්ස් කියනකොට කපිල මහත්මා නයෝමි මහත්මිය කියලා තමයි කිව්වේ. ඇත්තටම මහත්තුරුද? එතකොට අපි කව්ද? පොඩි මිනිස්සු මේ පව් ගෙවන්න එපෑයෑ.
2015දී මහින්ද මහත්තයාව ගෙදර යැව්වේ මෙවැනි මහා පරිමාණ හොරකම් පවුලේ අයගෙන් සිදු වුණා කියන සැකයට, ආයෙත් පවුලේ කට්ටිය එළියට බැහැලද?. මහින්ද මහත්තයෝ විවෙක ගත්තොත් හොඳයි. ඊටත් වඩා ගොඨා මහත්තයාට රට ගොඩගන්න දෙන්නේ නැහැ.. කකුලෙන් අදිනවා.
රටට ආදරය තියෙන උගත් නායකයෙක් සහ උගත් පාර්ලිමේන්තුවක් කවදා බිහි වෙයිද දන්නේ නැහැ. මේ නාඩගම් විතරයි තියෙන්නේ...
හත්වලාමයි! මෙයාලද පහුගිය දවස්වල සුදනන් වගේ කෑ මොර දුන්නේ දුෂිතයින් පලවා හරිමු කියලා. බොන්ඩ් කේස්, ගුවන් යානා අල්ලස් තව මොනවා හෙට, අනිද්දා එලිවේවිද? ඒ මොනවා වුණත් කට්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?
කෝ මේ විමල්, ගම්මන්පිල මල්ලිලා ඇත්තටම, කොහාට වෙලාද?