IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් වෙනසට ලොකු තැනකින් ’බකට්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්‍යුහගතකරණය සඳහා මහ  භාණ්ඩාගාරයෙන් අදාළ යෝජනා තවමත් ඉදිරිපත්ව නැතැයි  වාර්තා වේ.

මේ හේතුවෙන් ප්‍රති ව්‍යුහගතකරණය සඳහා අභිලාෂ කැඳවීම ගැටළුකාරීවී ඇති බව වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් තවමත් ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි  අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්‍යුහගතකරණය සඳහා  මේ මස අග අභිලාෂ කැඳවීමට බලාපොරොත්තුවෙන් සිටින  බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී  පසුගිය 5 වැනි දා  පැවසීය.

එම කටයුතු පෙබරවාරි මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

කවුරු කෙසේ කීවත් තමාගේ පැත්තෙන් කළ හැකි සියලු සියලු දේ කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවය ඉහළ තැනකට එසවීම තමාගේ බලාපොරොත්තුව බවද සඳහන් කළේය.

වැඩිපුර ගුවන් ගමන් ලංකාවට ගේන්න යැයි  ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.


 



අදහස් (8)

ශ්‍රී ලංකන් වෙනසට ලොකු තැනකින් ’බකට්’’ එකක්

Nimal Saturday, 07 October 2023 05:53 PM

තමුන්ගේ පැත්තෙන් නම් කොමිස් ටික නම් හරියටම අරන් ඇති. එතකොට නම් නිදි කිරා වැටෙන්නේ නැතිව ඇති...

:       1       30

කිරිපුතා Saturday, 07 October 2023 06:22 PM

දකුණු ආසියාවේ තිබුණු හොඳම ගුවන් සේවය. අදටත් ඉන්දියන් මිනිසුන් කතා කරන්නේ හරි කැමැත්තකින්. දැන්නම් උපරිම පිරිහිලා. ඒක හරිම කණගාටුවට කාරණයක්. ඒ සඳහා දේශපාලකයින් සේම සේවකයින් ද වග කිව යුතුයි.

:       0       37

janahitha Saturday, 07 October 2023 07:08 PM

ඉතාමත් පලපුරුදු ඉංජිනේරුවන් ඉන්නවා.. සේවකයින්ට දොස් කියන්න බැහැ ප්‍රශ්නය නම් පාලකයින් විසින් ගුවන් සේවය හරහා මුදල් වංචා කිරීමය. පැහැදිලිවම මෙය ඔප්පු වෙලා තිබුණත් ඒ පාලනය වෙනස් නොකර එය වැළැක්විය නොහැක...

:       0       3

janabala asamagi Saturday, 07 October 2023 07:09 PM

සොරුන් පාලනයෙන් බැහැර කරවූ ශ්‍රී ලාංකික මෙන්ම රටම බේරාගත හැක්කේ එමගින්...

:       0       2

Rata Perata Saturday, 07 October 2023 07:27 PM

මට හිතෙන්නේ ලංකාවේ තියෙන දුර්වලම අමාත්‍යාංශය තමයි මුදල් අමාත්‍යාංශය... දන්නවනේ කොච්චර දුර්වල මිනිහෙක් ද කියලා ඇමැති...!

:       0       3

sanath Sunday, 08 October 2023 02:32 PM

මම කවදාවත්ම ගුවන් යානයක ගිහින් නැහැ. ඔය ගුවන් සේවයේ පාලකයන් සහ සේවකයින් සොරකම් කළ නිසා මේක පාඩුවෙලා පාඩුව පියවාගන්න රජයෙන් ඩොලර් කෝටි ගාණක් මේවට ගෙවලා, ඉදිරියටත් ගෙවන්න සිදුවෙලා දුප්පත් අපේ E.P:F. මුදලේ පොළිය බලහත්කාරයෙන් අරන් මෙවැනි අනවශ්යස සමාගම්වල පාඩු පියවීම කොපමණ අසාධාරණයක්ද? ඕකේ තිබෙන බද්දට ගත් ගුවන් යානා ටික නැවත එම සමාගම්වලට බාරදීලා ඕක වහලා දමන්නේ නැත්තේ මොකද? ඕක පාඩු ලබන නිසා මිලදී ගන්න කවුරුවත් නැහැ. ගුවන් යානා නිතරම ප්ර්මාද වන නිසා සහ කාර්මික දෝෂවලට ලක්වන නිසා, මගීන් ඕකෙ ටිකට් ගන්නේ නැහැ. ඕක ඉදිරියටත් පාඩු ලබනවා. අපේ E.P:F. මුදල් අපේ අවසරයක් නොමැතිව බලහත්කාරයෙන් අසාධාරණ ලෙස මෙවැනි දේවල්වලට වියදම් කිරීමට විරුද්ධව අපිට පාරට බහින්න කාලය පැමිණ ඇත...

:       0       3

de silva berlin Sunday, 08 October 2023 02:38 PM

මම මුදල් ඇමැති නම් වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය යන දෙපාර්ශවයම රැස්වීමකට කැඳවා ප්‍රකාශ කරනවා ජනවාරි 01 වැනිදා සිට රජයෙන් එක රුපියලක්වත් පාඩු පියවන්න දෙන්නේ නැහැ. ඔබ දෙපාර්ශවය එකතුවෙලා වියදම් කපාහැර කැමැති නම් මේක ඉදිරියට ගෙන යන්න බැරිනම් වහලා දමන්න කියලා...

:       0       6

Bamunuarachchi Monday, 09 October 2023 04:31 AM

එතකොට ප්‍රතිව්‍යූවගත කරන්න ඕනේ කියන්නේ ලොකු මිනිස්සු නොවෙයිද? ඒගොල්ලෝ සොක්කෝද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site