
(සුජිත් හේවාජුලිගේ )
ලබාගත් ඉන්ධන වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි විසි තුන් දහස් අට සියයක් (23800) ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ (2023) සඳහන් වේ.
මෙම හිඟ මුදල හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්වය දුර්වලවී ඇති හෙයින් මෙම ගැටලුව මතුව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් මාසය වනවිට ඉන්දීය ණය පහසුකම වෙනුවෙන් රජයට ඇමරිකානු ඩොලර් කෝටි හැට නවයක්ද ජාතික ඉරාන තෙල් සමාගමට ඇමරිකානු ඩොලර් කෝටි 25ක්ද ලංකා බැංකුවට රුපියල් කෝටි දෙදහස් හයසියයක්ද ගෙවීමට තිබූ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
ඉන්ධන ආනයනය පහසු කිරීම සඳහා භාවිතා කළ ඇමරිකානු ඩොලර් කෝටි 69 ක ඉන්දීය ණය පහසුකම පියවීමේ අර්බුදයකට ඛනිජ තෙල් සංස්ථාව පත්ව සිටින බව පවසන එම වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ රජයේ උපාය මාර්ගයෙන් එම මුදල් ගැටලුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරයි.
මුදල්,ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ව පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකන්, විදුලි පොල්ලෙන් තෙල් සංස්ථාව කොටඋඩ
de silva Sunday, 06 August 2023 09:12 AM
ඔය ශ්‍රී ලන්කන් එක වහලා දාන්න.