IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2023  නිලAPEX ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.

ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙමAPEX passenger Choice Awards සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් ලබාදීම සිදුකරනු ලැබේ. APEX Passenger Awards හි ජයග්‍රාහකයන් තෝරා ගැනීමේ දී ගුවන් යානයේ ආසන පහසුවල මැදිරි සේවාල ආහාර පාලන විනෝදාස්වාදය සහ Wifi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මගීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.

මෙම සම්මානය හිමිවීම පාරිභෝගිකයන්ට උසස්‌ නිෂ්පාදනයක්‌ සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන්  හුරුපුරුදු බවක් ගුවන් යානය තුළ දී ලබාදීම වෙනුවෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක් කිරීමකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රති නිර්මාණය කරයි. ගුවන් සමාගම මෑතක දී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා සුව පහසු ආහාර වේලක් ලබා දීමට අමතරවල ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්මින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය. යළිත් වරක් අපගේ වටිනා පාරිභෝගිකයන් විසින් සිය විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීම ලබා දීමත් ගුවන් සේවය පිළිගැනීමට ලක් කිරීමත් සම්බන්ධයෙන් අපගේ ගෞරවය ඔවුන්ට ලබා දෙනවා. අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම දේ අඛණ්ඩව පිරිනැමීමේ අපගේ අරමුණ මෙමගින් මෙය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සෑම සම්මානයක්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයන්ගේ වෙහෙස නොබලා දරන උත්සාහය කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නිර්මාණශීලිත්වයට උපහාරයක් වනු ඇත. ඒ වගේම ගුවන් සේවය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

595



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site