(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1528 ක් පමණ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.
දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර හතරක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින නමුත් මේ දක්වා එම කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු ආයතන ගණනාවකට රුපියල් කෝටි 18,600 කට අධික මුදලක් වැයවී ඇතැයි ද වාර්තාවේ.
ඉන් වැඩිම මුදලක් වැය වී ඇත්තේ ලංකා බැංකුව හා මහජන බැංකුවට වන අතර එය ඉකුත් වසරේ මාර්තු මාසය වනවිට පමණක් රුපියල් 5700 ක් පමණ වූ බව පැවසේ.
මේ තත්ත්වය තුළ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඉකුත් 2016 වසරේ ආරම්භ කරනු ලැබීය.
එම කටයුතු නිමවන තෙක් ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි වසරින් වසර නිකුත් කෙරිණි.
ඒ අනුව එම බැංකු දෙකෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක් දක්වා රුපියල් කෝටි 1528 ක් ණය ගැනීමට හැකි වන සේ වසරක කාලයක් ණය සහන ලිපි නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දි ඇත.
ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 42.5 ක් සහ මහජන බැංකුවෙන් ඩොලර් මිලියන42.5 ක් ලෙස මෙම ණය පහසුකම ලබා ගැනීමට එම සහන ලිපි නිකුත් කෙරෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ණය අරගෙන දෙන්න හොරුන්ට ඒවා මංකොල්ල කාගෙන රටෙන් පැනගොස් රතු වරෙන්තු පිට හැංගෙන්න.
ඕක විනාශ කරපු අය නේද මේවට ගෙවන්න ඕනේ ... අපි මේ පව් වලට කරගැහුවා හොඳටම ඇති. අපේ රටට කන්න දෙන විදේශ ශ්‍රමිකයෙක් මළොත් ඔය මගුල් එයාලයින් එකට එක සතයක් නොඅඩුව ගෙවන්න ඕනේ. එහෙත් මොවුන්ගේ පව් අපි කරගහන්න ඕනේ එදා සිට අද දක්වා රටට කන්නදෙන විදේශ ගත ශ්‍රමිකයින්ගේ එක මළසිරුරක් මේ අය ගෙනත් තියෙනවද..? නමුත් ඕකේ ඉන්න අය සහ හිටපු අය ගත්ත පඩි නඩි පහසුකම් ආයතනකට ඔරොත්තු දෙනවද?
කොච්චර පාඩු පිට පාඩු ලබමින් ජනතාවගේ බදු මුදල් වලින් මේක නඩත්තු කළත් ඇතුලේ වැඩ කරන අයට වෙන ආයතන වල සේවකයන්ට ලැබෙන දීමනා වලට වැඩි දීමනාවක් දෙනවා .සේවකයාට පඩි , බෝනස් , වෙනත් දීමනා සමගම ලෝකේ ඕනෑම රටකට තම පවුල පිටින්ම ගමන් කරන්න ටිකට් වසරට කීප සැරයක් ලැබෙන සේවකයන් ඉන්නවා . මහා ලොකු ජොබ් නෙමෙයි කරන්නේ . රූපේ ලස්සන නිසා තමයි ඒ සහනය ලැබෙන්නේ .එහෙම අයට අපි නොදන්නා තව කොපමණ සහන ලැබෙනවා ඇතිද .මොලේ බලන්නේ නැතුව රූපේ දිහා බැලුවොත් එතනම ඕන කෙනෙක්ට වෙන්නේ පාඩුවක් .
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පරිපාලනය වෙනත් ගුවන් සමාගමකට බාරදෙන්න. එකම විසඳුම ඒක.. එහෙම නැත්නම් පාඩුලබන ගමන් නවතන්න. වැඩි සේවකයන් අස් කරන්න.
ඔය ගුවන් සේවයෙන් ලාභයකුත් නැතිනම් මොනවට පවත්වාගෙන යනවද? සෑම වසරකම අලුත් ගුවන්යානා තොගයක් ඇනවුම් පරණව, පස්සේ එව්වා අවලංගු කරනවා. ඒ අවලංගු කරනවට වන්දිත් ගෙවලා. ඒ ගුවන් යානා මිලදීගන්න කිට්ටු වෙනකොට හැමදාම අපේ ගුවන් සේවයේ ලෝකේ ඉහළම ගුවන් සේවයක් කියලා පදක්කම් සම්මාන ගත්තා කියනවා. මොකක්ද මේ ජාවාරම...?
ප්‍රතිව්‍යුහගත කිරීම යනු කුමක්දැයි පහදා දෙන්න. දන්නේ නැති නිසයි අහන්නේ...?
අනේ අපේ කුරුල්ලා කාපු අය තාමත් රජ සැප විඳිමින් සුවසේ වැජඹෙති. ඉස්සරහට කන්න දතකට ලෙවකමින් පසුවෙති.
මහජන බැංකුව විනාශ කිරීමට අපගේ බලවත් කණගාටුව..!