
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය 2020-2021 අතර කාලයේදී පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි හාර දහස් පන් සිය හැට හතකි.
ආයතනය දිනකදී ලබන පාඩුව රුපියල් අට කෝටි හතළිස් ලක්ෂයකි.
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේදී රුපියල් ඩොලර් මිලියන 500 ක් ලබාදීමට අනුමැතිය ලබාදුන් අතර එම මුදලින් රුපියල් ඩොලර් මිලියන 242ක් දැනටමත් ලබාදී ඇතැයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
මේ අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ ප්‍රධානීන් ලබන 9 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයිද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය අද රජයට විශාල බරක්වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් විශේෂ වාර්තා තුනක් ලබාගෙන ඇති බවත් එම වාර්තා තුන පදනම් කරගෙන මෙම විශේෂ සාකච්ඡාව පවත්වන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම වාර්තා තුන ලබාගෙන ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය, ගුවන් සේවා අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙනි.
ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය මිලදී ගත් ගුවන් යානා වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට ඇති බවත් මේ සියලු කටයුතු සිදු කර ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය ගුවන් යානා විසි දෙකක් කුලී පදනම මත ලබාගෙන ඇති බවත් එම ගුවන් යානා වෙනුවෙන් වාර්ෂිකව විශාල කුලී මුදලක් ගෙවීමට ඇති බවත් කෝප් කමිටුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිට යාමට එක යානයක් තබාගෙන පුද්ගලික කරන්න....
අනේ අපි නම් නිකන් පියාසර කළේ නැහැ. ටිකට් අරගෙනයි ගියේ.. ඔයා නිකන් යන ලොකු ලොක්කන්ගෙන්ම අහගන්නකෝ...
ලං.ග.ම. ට වෙච්චි දේ තමයි රටේ ගුවන් සමාගමට වෙලා තියෙන්නෙත්... සේවකයින් සංඛ්‍යාව සහ විශාල පඩි අරන් පුුටු රත්කරන සංඛ්‍යාව වැඩි ඇති... එහෙම නැතිව ජනතාවට නොමිලේ ගමන් පහසුකම් සළසලා නෙවෙයිනේ...
මේ යන විදියට ඊළඟ භද්‍ර කල්පයේදීවත් ණය සහ පාඩු පියවන්න බැරි වේවි. හොරකම, වංචාව, දූෂණය විතරක් නොවේ අතිරික්ත සේවකයෝත් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ. තියෙන ඔක්කොම ප්ලේන් ටික කරේ තියන් දුවන්න පුළුවන් ගාණට සේවකයින් ඉන්නවා. මේ විනාශය ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට විතරක් පොදු දෙයක් නොවේ. රාජ්‍ය ආයතන බහුතරයක තියෙන්නේ මේ වගේ එකම කතාව. ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, වරාය, සතොස... ඔය ඔක්කොම එකම ඔරුවේ...
අපේ මිනිස්සුන්ට තේරෙන්න නම් කියන්න ඕන ඔයා රුපියල් 18,500 ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෙවන්න ඕන කියලා...! නුඹලා මේක කෙලින්ම ගෙව්වේ නැතත් වක්‍රව ගෙවනවාමයි...
අශෝකවයි, පරාක්රමවයි ඉවත් කරන්න.. එතකොට කලමනාකරණය කරන්න පුළුවන්.... ඒ අය කලුකුහර 02ක්...
ඔය ශ්‍රී ලංකන් යානාවල සලකන්නේ සුද්දන්ට පමණයි. වතුර එකත් දෙන්නේ අපි ඉල්ලුවොත් පමණයි....
අධික වැටුප් සහ අනවශ්‍ය වියදම් නිසා පාඩුවීම් සිදු වෙනවා ඇති. එමිරේට්ස් පාලන කාලයේ ලාභ ලැබු ගුවන් සමාගමක් නේද. ? රටේ අභාග්‍යය තමයි.
තව ලක්ෂ ගනන් පඩි ගෙව්වනම් හරි
දේශපාලකයින්ගේ සහ හිතවතුන්ගේ ඕනෑ එපාකම්වලට ගුවන් සේවය යොදා ගන්නවා නම් මේ කපේදී මේවා ලාබලබන ආයතන බවට පත්කළ නොහැක. ඛනිජතෙල්, විදුලිය සපයන ආයතනවලටත් උරුමවෙලා තියෙන්නේ මේ කරුමයම තමයි.
පාඩුව රුපියල් කෝටි 37200 කටත් වැඩියි. බුදු අම්මෝ... මෙහෙම පාඩුවක් මේ පුංචි රටට දරන්නට පුලුවන්ද? මේ පාඩුව ලැබුවේ කෙසේදැයි යන්න ගැන සංඛ්‍යා ලේඛන ජනතාව වෙත ප්‍රසිද්ධ කරන්න. හේතු දක්වන්න. රට කන මේ ආයතනය වඩා දමා පිටරට ගුවන්සේවා පහසුකම් ජනතාවට ලබාදුන්නා නම් වඩාත්ම සුදුසුයි. මන්ද යත්, මේ රටේ ජනතාවට මුදල් නොගෙවා ගුවන් ගමන් සඳහා ටිකට් හා පහසුකම් ලැබෙන්නේ නැහැ. සිතෙනා ආකාරයට මෙම පාඩුව හා මේ රටේ සමහර දේශපාලකයින් කිසියම් සබඳතාවක් අනිවාර්යයෙන්ම සිටිනවා වෙන්නට පුළුවන්.. වැඩි වැටුප් හා පහසුකම් ලබනා තනතුරු දරන අයත් ඇතැයි සිතේ.