IMG-LOGO

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට  මූල්‍යමය වශයෙන් බරපතල බරක්  හෙයින් එම ආයතනය   රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන  අහිතකර  බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස   කෝප් කමිටුවේ සභාපති,  මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද (10) රජයෙන් ඉල්ලිමක්  කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුකමිටු තුනක් පත්කළ බවත් එම කමිටුවල වාර්තාද  කෝප් වාර්තාවට  ඇතුළත් කළ බවත්  හෙතෙම  සඳහන් කළේය.

එම කමිටු නිර්දේශ කර ඇත්තේද  මෙම රාජ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතු බවයි.
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, රක්ෂණ සංස්ථාව, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , ජාතික චිත්‍රපට සංස්ථාව, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල මඟින් ආයෝජනය කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සහ ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලය යන ආයතන වල කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවද ඔහු පැවසුවේය.

චරිත හේරත් මහතා මෙසේද පැවසීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න අනුකමිටු තුනක් පත්කළා.  විශේඥ කමිටුවත් ඒ වගේම අමාත්‍යාංශය මුල්කරගත්ත රාජ්‍ය පැත්තෙන් මෙහි අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකුත් ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත මූල්‍ය අරමුණු , අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව කරන ලද සාකච්ඡා තුනක් අපි මේකට ඇතුළත් කළා. සාකච්ඡා තුනේදි  අපේ කමිටුවේ නිර්දේශය වුණේ  මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරය පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. ‍ කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සම්බන්ධ ශ්‍රි ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට අප රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ සභාවට වාර්තාව පිළිගන්වනවා.



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site