(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ (2021) ජනවාරි 1 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 1,013,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් එම කාලය තුළ පුද්ගලයන් 1,050,024 ක් විදේශගතව ඇති බවත් පියුම් බණ්ඩාර මහත්මිය කීවාය.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 4,497,122 ක් විදේශ ගමන් බලපත්‍ර හිමියන් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.