IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10ක් රට හැර ගිහිල්ලා

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ (2021) ජනවාරි 1 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 1,013,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් එම කාලය තුළ පුද්ගලයන් 1,050,024 ක් විදේශගතව ඇති බවත් පියුම් බණ්ඩාර මහත්මිය කීවාය.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 4,497,122 ක් විදේශ ගමන් බලපත්‍ර හිමියන් බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය. 



අදහස් (7)

ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10ක් රට හැර ගිහිල්ලා

Rohana Wednesday, 14 September 2022 03:33 PM

ලාංකිකයින් රට හැරයන්නේ රටේ ජීවත්වීම වදයක් වී ඇති නිසයි. මේ තත්වයට රටේ පාලකයින් වගකිව යුතුයි. හම්බකරන ආදායමෙන් පවතින උද්ධමනයත් සමග මුහුණදීම අතිශයින් අමාරුයි. රැකියා නැත. කරන රැකියාවෙන් වුණත් එදිනෙදා අවශතාවන් සපුරාගැනීම තවතවත් අසීරුවී ඇත. තරුණයින් මෙසේ රැකියා සොයා විදෙස්ගත වීමෙන් අන්තිමට රටේ මහල්ලන් පමණක් ඉතිරිවනු ඇත.

:       1       35

කිරි පුතා Wednesday, 14 September 2022 04:12 PM

පසු කෙ⁣ෝනා අවදියේ ලෝකයේ සෑම රටකටම ආර්ථික ගැටළු මතු විය. අපේ රට එය හරියට කළමනාකරණය කර ගත්තේ නැතුවා සේම අධික ලෙස පවතින හොරකම් සහ ගසා කෑම් නිසා රට බොහෝ අපහසුතාවයට පත්විය. ඒ කෙසේ වෙතත් මව්බිම යනු මව්බිම ය. වෙනත් කිසිම රටක් අපව මල් දී සිපගෙන පිලිගන්නේ නැත. වෙනත් රටක රැකියාවක් කර රටට මුදල් එවා පසුව තම මව්බිම ට පැමිණිම රට හැර ගියා සේ සැලකිය නොහැක.

:       20       15

sugathWednesday, 14 September 2022 04:52 PM

මේ රටින් යන එකෙක් අප්‍රිකාවේ රටක හරි ජීවත්වෙන්ට පුළුවන් නම්, ආයෙමත් මේ රටට එන්නේ නැහැ.

:       3       21

nima Wednesday, 14 September 2022 04:37 PM

පාලකයිනි, ඔබගේ අදහස් දැනගන්නට කැමැත්තෙමි.

:       0       12

Kumara Wednesday, 14 September 2022 05:45 PM

රාජපක්ෂ වහල්ලු ටික විතරක් ඉතුරු වුණොත් ඇති...

:       2       14

Mo77 Wednesday, 14 September 2022 07:38 PM

නිකුත් කළ පාස්පෝට් සංඛ්‍යාවේ දත්ත වුණත් නිවැරැදි බවෙන් අඩුයි. ඒකෙන් කියැවෙන්නේ අලුතෙන්ම හෝ කරපු පාස්පෝට් ගාන ඔය කියන සංඛ්‍යාව කියලා. ඔයා කියන විදේශගත වූවා යැයි කියන සංඛ්‍යාවෙන් ප්‍රයෝජනවත් බව අඩුයි. මෙම සංඛ්‍යාවේ කියැවෙන්නේ නෑ රට තුළට පැමිණ නැවත විදේශගත වූවන්ගේ සංඛ්‍යාව කීයද කියලා. රාජ්‍ය ආයතනවල දත්ත විශ්ලේෂණය දත්ත එක්රැස් කිරීම ගැන අපිට හිතාගන්න පුළුවන්. දත්ත කියන්නේ ඉතාමත් වැදගත් මූලාශ්‍රයක්... එය කළමනාකරණයට සහ පුරෝකථන සඳහා ඉතාමත් ප්‍රයෝජනවත්...

:       0       9

Lalith M Thursday, 15 September 2022 10:12 AM

වැදගත්ම දේ ලැබෙන පණිවුඩය. ජනතාව රට හැර යන්නේ ඇයි. කලකිරීම, ප්රමාණවත් ආදායම නැතිකම, විරැකියාව... සහ සුලු වශයෙන් වෙනත් හේතු.. විවාහ වැනි දේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site