(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවට සත්කාරත්ව අද (21) හිමිවූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය.
අහමදාබාද්හිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා දීර්ඝ වශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම විශේෂ අනුමැතිය ලැබුණු බව ද කපුවත්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ක්‍රිකට් තහනම් කරවපු පුත්ගලය ඇයි මේ තවත් සබාපති පුටුවේ ඉඳන් රට නියෝජනය කරන්නේ ?
සිල්වා උන්නැහේ වන් මෑන් ෂෝ එකක් ගෙනියනවා. ක්‍රිකට් නැත්තටම නැති.කරලා දැම්මා රටේ. මේවා කෙලවර වෙන්න ඕන.
කුණු කතා කියන්න එපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මැදිහත් නොවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව ස්ථිර සහතිකයක් ලබා දෙන තුරු ICC විසින් එම තහනම ඉවත් නොකළ යුතුව තිබූ අතර, දූෂණ හා අවපාලනය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉඩ නොතබයි. එහෙත් එවැනි සහතිකයක් ලබාදීමට අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව අපොහොසත් විය. ICC (ජාත්‍යන්තර අපරාධ කවුන්සිලය) සහ දූෂිත සහ අකාර්යක්ෂම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ගේ බ්ලැක්මේල් අහිමි විය.