IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා මහජන පක්ෂ මන්ත්‍රී සජිත්ට හේත්තු වේ

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන්පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත්තේය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වූ නවරත්න මහතා ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහයෝගය පළ කරන බව ප්‍රකාශ කළේයකරයි කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා පසුගිය මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

අසංක නවරත්න මහතා සමග ඔහුගේ ක්‍රියාකාරීන් පිරිසක්ද විපක්ෂ නායකවරයා හමුවී සහයෝගය පළ කළේය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (6)

ශ්‍රී ලංකා මහජන පක්ෂ මන්ත්‍රී සජිත්ට හේත්තු වේ

සේනක Monday, 04 September 2023 07:42 PM

ඔක්කෝම එකතුවෙලා ජනතාව රවටන්න ඩීල් දාපල්ලා. මෙදා පාර කම්බහොරු 225 ගෙදර යවනවා එකාන්තයි. රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ අය නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි.

:       5       24

G. K. Ekanayake Monday, 04 September 2023 10:38 PM

තකට තක ..... ඩලස් ගොඩ මේ වගේ ඩීල් කාරයෝ අයින් වෙන එකමයි හොඳ.

:       0       0

Perera Tuesday, 05 September 2023 05:57 AM

පොහොට්ටුවේ එවුන් සජබේ .සජබේ එවුන් පොහොට්ටුවේ .සජබෙත් එකයි පොහොට්ටුවත් එකයි

:       0       0

සල්ලි Tuesday, 05 September 2023 07:27 AM

මුන්ගේ දේශපාලන අටමගල බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දාන්න එපෝ...

:       0       0

Pradeep Tuesday, 05 September 2023 09:56 AM

ඔහොම යන්

:       0       3

ලප කුමාර අනුර Tuesday, 05 September 2023 09:41 PM

හාල් කෑල්ලක්... යන එන මං නැති වෙච්චි කෙනෙක් . මිටි නිසා කම්කරු රැකියාවක් සජිත් දෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 324 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site