
(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කළේය.
ඒ අනුව ඇෆ්ගනිස්තාන් පිල ඕවරයකට ලකුණු 6.18 ක සමාන්‍යයක් පවත්වමින් ලකුණු 309 ක් රැස්කළ යුතුය.
චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 74 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ලකුණු 36 කට කඩුලු දෙකක් දැවී සිටියදී නායක කුසල් මෙන්ඩිස් (61) සහ සදීර සමරවික්‍රම (52) අර්ධ ශතක සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය ලබා ලකුණු රැස්කිරීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 6 ට 308 (පැතුම් නිස්සංක 18, කුසල් මෙන්ඩිස් 61, සදීර සමරවික්‍රම 52, චරිත් අසලංක නොදැවී 97, ජනිත් ලියනගේ 50, වනිඳු හසරංග 14, අස්මතුල්ලා ඔමල්ෂායි 56/3)
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා පිල ලකුණු 308 ක් රැස්කරයි