(ආරියරත්න රණබාහු සහ යොහාන් භාසුර)
කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි
ඒ අනුව මරදාන පොලිසිය එහි ගේට්ටු වසා තිබියදී අද උදෑසන 9යි තිහට පමණ වැඩ බලන මහලේකම්වරයා ආසන සංවිධායකවරුන් සමග එහි පැමිණ ඒ ආසන්නයේම පිහිටි වෙනත් ගොඩනැගිල්ල ක රැස්විමක් පැවැත්වීමට ඒ තුළට යාමට අවසර ඉල්ලුවද පොලිසිය ඊට අවසර දී නැත මේ හේතුවෙන් වැඩ බලන මහලේකම්වරයාට සිය ආසන සංවිධා යකවරුන් සමඟ ආපසු පැමිණීමට සිදුවිය
මෙම කාරණය සම්බන්ධයෙන් වැඩබලන මහානිකම්වරයා මරදාන පොලිසි ස්ථානාධිපතිවරයා ට දුරකථන ඇමතුමක්දී කරුණු පැහැදිලි කර දී ඇතත් ඊටද සුභවාදී ප්‍රතිචාරයක් ලැබී නැත වැඩ බලන මහලේකම්වරයා ඉන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ට ලිපියක් මගින්ද අදාළ කරුණු යොමු කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම කාපු මොවුන්ගේ විකාරවලට රටේ ජනතාවගේ බදු මුදලින් පොලිස් ආරක්ෂාව?
ඔතැනට රජයේ නිලධාරින් යොදවා ආරක්ෂාව සලසන කාලයේ සේවයේ සිටි නිලධාරීන් සඳහා රජය වැයකරන (වැටුප් හා දීමනා සමග) සියලු වියදම් ඔය ස්ථානයට අධිපති ඇතුළු ජනතාවට සැපදීමට හා රට හදන්න බලුපොරයේ යෙදුණු සැමගෙන්ම අයකර රජයේ ආදායමට (ඒකාබද්ධ අරමුදලට) ගැනීමට කටයුතු කරන්න ඕනෑ... මේවා ජාතික අපරාධ...
ඇයි මේ වැඩක් නැති පක්ෂයක් බදාගෙන ඉන්නේ. පක්ෂය විසුරුවා හැරීමට කාලය ඇවිත්...!