IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි

(යොහාන් භාසුර)

නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූහ.

වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන අතරම නැගී එන වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ඇය අවධාරණය කළාය.

ලක් රජයෙන් පත් කළ නව දූත මණ්ඩල ප්‍රධානීන් වන කටාර් රාජ්‍යයේ නව තනාපති  ආර්.එස්. ඛාන් අසාර්ඩ්, නවසීලන්ත රජ⁣යේ නව මහකොමසාරිස් ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති  එස්.කේ. ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී.රත්නායක,  ආරාබි රාජ්‍ය සඳහා නව තානාපති ඒ.එස්.කේ. සෙනවිරත්න,  අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මින්  මෙම සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (1)

ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි

sam Saturday, 11 January 2025 06:17 AM

හැබැයි මේ අයට කියලා යවන්න.. මේ අය යන්නේ ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට උපරිම සේවයක් ලබාදෙන්නත් ඇතුළුව අනෙක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා බව... මොකද ඔය වගේ ගියාම ඔය යන අය ඔළුව ඉදිමුවාගෙන සිංහයෝ වෙන්න යනවා. අනික ඒගොල්ලන්ගේ පවුලේ සුබසිද්ධිය සඳහා පමණක් ක්‍රියා කරනවා. නිහතමානී වෙන්න කියලා උපදෙස් දෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site