(අංජුල මහික වීරරත්න)

ලබන වසරේදී (2024) අත්සන් තැබීමට යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුම(SLTFTA) පිළිබඳ සිව්වැනි සාකච්ඡා වටය කොළඹදී ආරම්භ කෙරිණි. 

විශාල සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් සමන්විත අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයට අයත් රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවට අනුව මෙි සාකච්ඡා අරඹා තිබෙි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන සඳහා තායිලන්ත වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි කිරීම පමණක් නොව එම වෙළෙඳපොළ හරහා අනෙකුත් ආසියා රටවල වෙළෙඳ පොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම දැනට පවතින තීරුබදු නොවන බාධක අවම කිරීම, ශ්‍රී ලංකා පාර්ශ්වයේ සාකච්ඡා වල අරමුණයි.  

මෙම 4 වන සාකච්ඡා වටය සඳහා සහභාගී වීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්  (Auramon Supathaweethum) මහත්මිය ප්‍රමුඛ තායිලන්ත නිලධාරීන් 35 දෙනකුගෙන් යුත් දූත පිරිස මෙරටට පැමිණියේ මාර්තු 26 වැනිදායි.